ෆේස්බුක් උප සභාපති අත්අඩංගුවට !
|Wed,02 March 2016 01.12 PM|Security| Page Views :
66
|
|
ෆේස්බුක් සමාගමේ උප සභාපතිවරයා වන ඩියේගෝ සෝඩන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා සදහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙන බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් බ්‍රසීල පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භකර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගමේ උප සභාපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙන බවයි.
කෙසේ වෙතත් බ්‍රසීල පොලීසිය පවසන්නේ මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භකර ඇති බවයි.
|
|