Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අස්ගිරි මහා විහාර කාරක සංඝ සභාව නිකුත්කල නිවේදනය

|Thu,22 June 2017 10.00|Political| Page Views : 131

අලුත් පුවත්
වැඩ පෙන්වූ බයික් කල්ලිය වැඩ වරද්දා ගනී
දෙමටගොඩදී වාහන 03 ක් ගිනි ගනී
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ෆිට්නස් ටෙස්ට් කරයි
අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වයක්
සයිටම් විරෝධී උද්ඝෝෂණයට අධිකරණය නියෝගයක්
කසළ වලින් විදුලිය නිෂ්පාදනය කරන්න රජයේ අවධානය
රාජ්‍ය මාධ්‍ය රැසක පුටු වෙනසක්!
ඥාණසාර හිමියන්ට ඇප !
 
මහනුවර අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාව විසින් ඒකමතිකව තීරණය කරගනු ලැබූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් රජයට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනය සියලු දෙනාට කොළ එළියක් බවත් මේ කෙරෙහි අවධානයක් නොදක්වන්නේ නම් එය රතු එළියක් බවට පත්වෙනු ඇති බවට මෙහිදී අදහස් දැක් වූ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක වේඩරුවේ ශ්‍රී උපාලි නායක ස්වාමීන් වහන්සේ පවසා සිටියා.

ජාතිවාදී හැගීම් අවුස්සන දේශපාලඥයින්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක් නොගෙන ඊට ප්‍රතිචාර දක්වන භික්ෂූන් වහන්සේලා නිහඩ කිරීම සඳහා රජය දරණ උත්සහායට සිය බලවත් අප්‍රසාදය පළ කරන බවද මේ නිසා රට තුළ ඉදිරියේ දී යම් නොසන්සුන්කාරී පසුබිමක් නිර්මාණය වුවහොත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම රජය ගත යුතු බවද අදාළ නිවේදනය මගින් අවධාරණය කර තිබෙනවා.

(ඊට අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි)







2017-06-21

අස්ගිරි නිවේදනයෙන් පසු SB මහා සංඝරත්නයෙන් සමාව ගනී

තමාගේ අදහස් ප්‍රකාශ කිරීම් හේතුවෙන් අස්ගිරි පාර්ශ්වීය සංඝයාවහන්සේලාට යම්කිසි හිත් රිදීමක් සිදුවූයේ නම් ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටින බව අමාත්‍ය එස්.බී. දිසානායක සඳහන් කළා.

කොළඹදී අද (21) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ සමාව ගැනීමට හා කණගාටුව ප්‍රකාශ කිරීමට කටයුතු කළා.

එසේම තම ප්‍රකාශ හේතුවෙන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ද අපහසුතාවකට පත්වූයේ නම් උන්වහන්සේගෙන්ද සමාව ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා සමාව ගැනීමෙන් පසු වැඩි දුරටත් සඳහන් කළේ "මේ කරුණු දැක්කම දැනෙනවා මටම එල්ල කරලා කියලා" යනුවෙනි.

මහනුවර අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාව විසින් ඒකමතිකව තීරණය කරගනු ලැබූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් රජයට ඊයේ (20) නිවේදනයක් නිකුත් කළා.

මෙම නිවේදනය සියලු දෙනාට කොළ එළියක් බවත් මේ කෙරෙහි අවධානයක් නොදක්වන්නේ නම් එය රතු එළියක් බවට පත්වෙනු ඇති බව එහිදී සඳහන් කළා.

ජාතිවාදී හැගීම් අවුස්සන දේශපාලඥයින්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක් නොගෙන ඊට ප්‍රතිචාර දක්වන භික්ෂූන් වහන්සේලා නිහඩ කිරීම සඳහා රජය දරණ උත්සහායට සිය බලවත් අප්‍රසාදය පළ කරන බවද මේ නිසා රට තුළ ඉදිරියේ දී යම් නොසන්සුන්කාරී පසුබිමක් නිර්මාණය වුවහොත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම රජය ගත යුතු බවද අදාළ නිවේදනය මගින් අවධාරණය කර තිබුණා.

2017-06-22

අස්ගිරි නිවේදනය අතිශයින්ම නොකළ යුතු ප්‍රකාශයක්!

අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් ප්‍රමුඛ සංඝ සභාව විසින් නිකුත් කරන ලද නිවේදනය අතිශයින්ම නොකළ යුතු ප්‍රකාශයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ රටේ සංහිඳියාවට බලපෑම් එල්ල කරන පුද්ගලයින් ඇගයීමට ලක් නොකළ යුතු බවයි.

ඊයේ(21) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ඉෆ්තාර් උත්සවයට සහභාගී වෙමින් පූජ්‍ය දඹර අමිල හිමි මෙම අදහස් පළ කළේය.

2017-06-23

මහනාහිමිවරුන්ගේ අවවාදවලට යටත්ව කටයුතු කරනවා

මහනාහිමිවරුන්ගේ අවවාද අනුශාසනා වලට යටත්ව ඉදිරියේදී කටයුතු කරන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ තමන් වහන්සේ ඉදිරිපත් කළ කරුණු පිළිබඳව අස්ගිරි මහ නාහිමිගේ අවධානය යොමුවීම පිළිබඳ සතුට පළ කරන බවයි.

ඊයේ(22) අස්ගිරි මහනාමිහි බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ බව කියා සිටියේය.


23 June 2017 අස්ගිරි නිවේදනයට මාත් එකගයි..“ මල්වතු අනුනාහිමියොත් ආණ්ඩුවට රතු එළි දල්වයි

ජාතිවාදී හැඟීම් ඇවිස්සෙන ලෙසින් නිකුත් කෙරෙන ඇතැමුන්ගේ ප්‍රකාශවලට එරෙහිව කටයුතු කරන භික්ෂුන් වහන්සේ නිහඬ කිරීමට බලධාරීන් ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධව අස්ගිරි පාර්ශ්වයේ මහ නායක හිමියන්ගේ අස්සනින් නිකුත් කර ඇති නිවේදනයට රජයේ අවධානය යොමු විය යුතු බව මල්වතු පාර්ශ්වයේ අනුනායක නියන්ගොඩ විජිතසිරි හිමියෝ පවසති.

ඇතැම් දේශපාලනඥයන් ජාතිවාදය ඇවිස්සෙන ලෙසින් කටයුතු කරද්දී ඊට එරෙහිව ප්‍රතිචාර දක්වන භික්ෂුන් වහන්සේලා නිහඬ කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ හෙළා දකිමින් අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් මෙම නිවේදනය නිකුත් කරන ලද්දේ පසුගිය 20 වැනි දිනයේදීය. එම නිවේදනය අස්ගිරි පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන්ගේ අස්සනින් නිකුත් කොට තිබිණි.

සිංහල බෞද්ධයන් එල්ල කොට නව නීති සම්මත කිරීමක් අවශ්‍ය නොවන බවත් අනාගතයේදී මේ සම්බන්ධව රට තුළ අර්බුදකාරී තත්ත්වයක් ගොඩනැඟුණහොත් රජය එයට වගකිව යුතු බවත් එම නිවේදනයේ පැහැදිලිව සඳහන් කොට තිබූ බව නියන්ගොඩ විජිතසිරි හිමියෝ කියා සිටිති.

අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියන්ගේ අස්සනින් යුතුව නිකුත් කොට ඇති එම නිවේදනයේ අඩංගු කරුණු සමඟ තමන් වහන්සේ එකඟ වන බවත් එහි දක්වා ඇති අදහස් අනුමත කරන බවත් මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියෝ සඳහන් කරති.

පශ්චාත් යුද සමයකදී සිදුකළ යුතුව ඇති බොහෝමයක් දේ ඇති අතර ජාතීන් අතර සංහිඳියාව ඉන් එකක් බව විජිතසිරි හිමියෝ පවසති. සංහිඳියාව සියලු ජාතීන්ට සාධාරණ යුක්ති සහගත මෙන්ම ඓතිහාසික මූලාශ්‍රයන් රැකෙන අයුරින් සිදුවිය යුතු දෙයකැයි නියන්ගොඩ විජිතසිරි හිමියෝ වැඩිදුරටත් පවසති.
On 27 June 2017
බුද්ධාගම තුන්වැනි තැනට දැමීමට වත්මන් පාලකයන් කටයුතු කිරීම තරයේ හෙළා දකිනවා..!

අවුරුදු 2500 කට වැඩි ඉතිහාසයක්‌ ඇති සිංහල බෞද්ධ රටක්‌ ලෙස ලෝකයාම පිළිගන්නා ශ්‍රී ලංකාවේ, වර්තමානයේ බුද්ධාගම තුන්වැනි තැනට දැමීමට වර්තමාන පාලකයන් කටයුතු කිරීම ගාලු දිස්‌ත්‍රික්‌ එක්‌සත් භික්‌ෂු සංවිධානය තරයේ හෙළා දකින බව දකුණු පළාත් ප්‍රධාන සංඝනායක පල්ලත්තර සුමනජෝති නාහිමියෝ පෙරේදා (25 දා) ගාල්ල කච්චුවත්ත පුරාණ රජමහා විහාරස්‌ථානයේ පැවැති සංඝ සභාවේදී පැවසූහ.

මා මල්වතු පාර්ශ්වයේ සංඝ සභාවේ භික්‌ෂුන් වහන්සේ නමක්‌. අස්‌ගිරි පාර්ශ්වයේ මහා නායක නාහිමිපාණන් වහන්සේ බුද්ධාගම බේරා ගැනීම සඳහා මේ අවස්‌ථාවේ ඉදිරිපත්වීම ගැන අපගේ බලවත් ප්‍රසාදය හිමි කරනවා. මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමිපාණන් වහන්සේද අස්‌ගිරි පාර්ශ්වයේ ප්‍රකාශය අනුමත කර තිබුණා. මේ රටේ මහා සංඝරත්නය නිකාය භේදයකින් තොරව මේ අවස්‌ථාවේ දී බුද්ධාගම බේරා ගැනීමට දිවි හිමියෙන් කටයුතු කරනවා.

දක්‌ෂිණ ලංකාවේ භික්‌ෂුන් වහන්සේගේ එකමුතුව බුද්ධාගම රැකගැනීම සඳහා කවදත් ජාතික ආපදා අවස්‌ථාවලදී පෙරමුණ ගෙන කටයුතු කළා. බුද්ධාගම බේරා ගැනීමට අපි හැමෝම ක්‍රියා කළ යුතුයි. සංඝයා වහන්සේ සමඟ උගත් බුද්ධිමත් ශාසන මාමක ගිහි ඇත්තෝ එකතුව කටයුතු කිරීම සඳහා ඉදිරිපත්වීම ගැන අපගේ කෘතඥතාව පළ කරනවා. වීරෝදාර මහා සංඝරත්නය මේ රටේ අනාගතය ගැන ද්‍රෝහී පුද්ගලයන් මේ රට විනාශ කරන්න උත්සාහ ගන්නවා නම් මහා නායක හාමුදුරුවන්ගේ අවධානය යොමුවිය යුතුයි. ලෝක පාලන දෙවියන්වහන්සේලා මේ රට බේරා දෙනවා. හතරවරම් දෙවියන්ගේ ආරක්‌ෂාව සිංහල බෞද්ධ ජනතාවට ලැබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න