Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රණතුංග පවුලේ අයෙක් තවත් විනාශයකට සැරසෙයි !

|Wed,02 March 2016 03.50 PM|Political| Page Views : 30

අලුත් පුවත්
Syria's Assad: We've shown restraint, but 'everything has a limit'
චීන මෝටර් රථ සමාගම්වලට ඉරානයෙන් රතු එළියක්..
ඉරානය සඳහා රුසියාවෙන් චන්ද්‍රිකා නිරීක්‍ෂණ පද්ධතියක්
සිරියාව තුළ පාබල මෙහෙයුමක් පිළිබඳව ජාත්‍යන්තර සන්ධානය සාකච්ඡා කරලා
බස් රථවලින් කප්පම් ගැනීම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙලක්
 
බදුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අත්වැල්තොට ප්‍රදේශයේ ධම්මික රණතුංග මහතාට අයත් සකුරා ඉන්ජිනියරින් පුද්ගලික සමාගම මගින් රුපියල් මිලියන 350 ක වියදමින් ඉදිකෙරෙන කුඩා විදුලි බලාගාරයක් නිසා පැලැන් ගඟේ හා පීලිතුඩ ඇල්ලේ ජෛව ප්‍රජාව විනාශ වීමේ අවදානමක් ඇතිව ඇතැයි වාර්තා වේ.

පරිසර සංරක්ෂ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.

අදාළ ව්‍යාපෘතිය සමඟ පැලැන් ගගේ ජලජ ජීවීන්ගේ වාසස්ථාන වෙනස්කම් වලට ලක්වන බවද සජීව සිය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටී.

මේ බලාගාරයෙන් මෙගා වොට් 1.5 ක විදුලිබලයක් නිපදවීමට යෝජිතව ඇති බවත්, එමඟින් දිනකට රුපියල් 4,36,000 ක මුදලක් ඉපයීමට මේ සමාගම සූදානමින් සිටින බවද අදාළ නිවේදනයේ දැක්වේ.

මේ ව්‍යාපෘතිය යටතේ පැලැන් ගගේ පීලිතුඩ ඇල්ල හෙවත් අත්වැල්තොට ඇල්ලට ඉහළින් වේල්ලක් ඉදි කර ජලාශයක් තනා එම ජලය ගගේ පහළට කිලෝමීටරයක් පමණ රැගෙන ගොස් එහි ඉදිකරන බලාගාරයක් මඟින් විදුලිය නිපදවීමට සැලැසුම් කර ඇතැයිද පැවසේ.

පීලිතුඩ ඇල්ලට ඉහළින් පැලැන් ගඟ හරහා ඉදි කිරීමට නියමිත වේල්ල හේතුවෙන් ගගේ ඉහළ කොටස් වලට වැසි කාලයේ දී උග්‍ර ගංවතුර තර්ජන ඇති වන අතර වේල්ලට පහළින් ගගේ කිලෝමීටරයක් පමණ කොටසකට ජලය අහිමි වී යාමේ අවදානමක් ඇති විය හැකි බව ද පැවසේ.

මේ නිසා පැලැන් ගගේ ජලජ ශාක හා මිරිදිය මත්ස්‍ය විශේෂ, මිරිදිය කකුළුවන් විශේෂ, මිරිදිය ගොළුබෙල්ලන් මෙන්ම උභයජීවීන්ගේ පැවැත්මට ද තර්ජන එල්ලවී බොහෝ විශේෂ මේ ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම වඳවී යාමේ හැකියාව පවතින බවද අදාළ නිවේදනයේ දැක්වේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න