Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලාංකික ශ්‍රමිකයෝ ඉතාලියේ දී උපවාසයක !

|Wed,02 March 2016 03.55 PM|Security| Page Views : 38

අලුත් පුවත්
බින් ලාඩන්ගේ අවසන් කැමැත්තෙන් ජිහාඩයට මිලියන 29ක්
රණතුංග පවුලේ අයෙක් තවත් විනාශයකට සැරසෙයි !
Syria's Assad: We've shown restraint, but 'everything has a limit'
චීන මෝටර් රථ සමාගම්වලට ඉරානයෙන් රතු එළියක්..
ඉරානය සඳහා රුසියාවෙන් චන්ද්‍රිකා නිරීක්‍ෂණ පද්ධතියක්
සිරියාව තුළ පාබල මෙහෙයුමක් පිළිබඳව ජාත්‍යන්තර සන්ධානය සාකච්ඡා කරලා
 
ඉතාලියේ වෙරෝනා නුවර මහා පරිමාණ වෙළෙඳ සංකීර්ණයක සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් එම වෙළෙඳ සංකීර්ණයේ පාලනාධිකාරියේ අත්තනෝමතික තීරණවලට එරෙහි වැඩ වර්ජනයක් හා උපවාසයක් අරම්භ කර ඇති බව ඉතාලි අරංචි මාර්ග සඳහන් කරයි.

කාලයක සිට සේවක කප්පාදුව හා සේවකයන්ගේ දීමනා අඩු කිරීම සම්බන්ධයෙන් පාලනාධිකාරියට කළ ඉල්ලීම් ඉටු නොකිරීම හේතුවෙන් මෙම උපවාසය හා වැඩවර්ජනය අරම්භ කළ බව එම වැඩවර්ජනය මෙහෙයවන ලාංකික ශ්‍රමිකයෙකු පවසා තිබේ.

මාසයක පමණ කාලයක සිට මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන බවත්, එම වෙළෙඳ සංකීර්ණයේ ලාංකික ශ්‍රමිකයන් බහුතරයක් සේවය කරන බවත් ඔවුන් සියලු දෙනා මෙම වැඩවර්ජනයට සහභාගී වී සිටින බවත් වාර්තා වේ.

එම වැඩ වර්ජනය හේතුවෙන් ඔවුන්ගේ භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු විශාල වශයෙන් බිඳ වැටී ඇති බවත් තම ඉල්ලීම් ඉටුවන තුරු හෝ සාධාරණ විසඳුමක් ලබා දෙන තෙක් වැඩ වර්ජනය හා උපවාසය ක්‍රියාත්මක කරන බව උපවාසනරුවෝ පවසන බව වාර්තා වේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න