Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නාසා සුපර් සොනික් මගී ජෙට් යානයක් නිපදවයි

|Thu,03 March 2016 10.36 AM|Security| Page Views : 85

අලුත් පුවත්
දෙමටගොඩ චමින්දට වෙඩි තියන්නT56 අවිය ගෙනා ඇමති වාහනය කාගේද?
US tells UNHRC it sees hope and promise in Sri Lanka
කෙල්ලන් යොදවා සිසුන්ට බියර් පොවන සමාගම් ගැන හෙළිදරව්වක්!
කොළඹ වාහන තදබදය අවම කිරීමට නව මාර්ග දෙකක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන කෙටුම්පත අදාළ ඇමැතිවරුන්ට
දෑත්, දෙපා, කට ගැටගැසූ භික්‍ෂුවක් මහමග දමා ගොස් තිබියදී හමුවේ..
සුනාමි නැතැයි තහවුරු කරයි
පොලීසිය ලේ පැල්ලමක් පිටුපස ලුහුබඳියි
 
නාසා ආයතනය සුපර් සොනික් මගී ජෙට් යානයක්, නිපදවමින් සිටින බව පැවසේ. මෙය එක්ස් ප්ලේන් මාලාවේ පළමු අදියර බව වර්ජිනියා‍හි රොනල්ඩ් රේගන් ජාතික ගුවන් තොටුපොළේදී පැවැති උත්සවයකදී නාසා හි පරිපාලක චාර්ල්ස් බෝල්ඩන් පැවසීය.

එය ඉතා විශිෂ්ට ලෙසත්, ආරක්ෂාකාරී ලෙසත්, සුවපහසු ලෙසත් නිපදවීමට නාසා ඉතා වෙහෙස වී කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේය. එසේම වේගයෙන් ගමන් කළ හැකි යානයක් නිපදවීම ඉලක්කය බවත් ඔහු සඳහන් කරයි. ඒ සඳහා නිරන්තර පර්යේෂණ සහ සමීක්ෂණ කටයුතු ද සිදු කෙරෙන බව ඔහු අනාවරණය කරයි. මේ සඳහා සුපර් සොනික් තාක්ෂණයේ විශිෂ්ටයින්ගෙන් සමන්විත කණ්ඩායමක් දැවැන්ත කටයුත්තක නිරත වන බව පැවසේ.

මෙයි ප්‍රාථමික නිර්මාණ කටයුතු සඳහා මාස 17ක් තුළ ඩොලර් මිලියන 20ක් සපයා ඇති බවත් ලොක්හීඩ් මාර්ටින් ඇතුළු කණ්ඩායම සමඟ උප කොන්ත්‍රාත්කරුවන් ලෙස සින්සිනාට් හි ජීඊ ගුවන්සේවා සහ කැලිෆොනියා හන්ට්න්ග්ටන් බීච් ට්‍රයි මොඩල් සමාගමත් නිර්මාණ කටයුතුවල නිරත වේ. ඔවුන්ගේ එකතුවෙන් ඉදිරිපත් කෙරෙන මාදිලිය QUESSTජෙට් යානයේ අඩිතාලම වනු ඇත.

නාසා හි නවතම ඉලක්කය ඉන්ධන අඩුවෙන් භාවිතයයි. දුම් රහිත සහ ශබ්දය අවම වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ. මේ සඳහා වසර කිහිපයක් ගත විය හැකි වුවත් වසර 2020 වන විට එහි අවසාන අදියරට පත්වනු ඇති බව නාසා පවසයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න