Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වගකීම දෙමළ ජාතික සන්ධානයට ඇත

|Mon,08 January 2018 11.58|Political| Page Views : 30

අලුත් පුවත්
මුස්ලිම් අපේක්‍ෂකයින්ව හඳුන්වාදීමේ වැඩසටහන
විදුලිය ගන්න ගිය පාසල් සිසුවාට විදුලි සැර වැදී මියයයි
BMW සහ ඇපල් එක්ව නව මෝටර් රථයක් නිර්මාණය කරයි (Video)
රන්වීර් හා දීපිකා ලංකාවේදී විවාහ වෙයි?
මුදල් නෝට්ටු වල ඇඳුනු කාබන් පෑන් ඉරි ඉවත් කරන ක්‍රම තුනක්
වතුයායම භීතියට පත් කළ දිවියා තවමත් නිදැල්ලේ
ඉඩ්ලිබ් නගරයේ පිපිරීමකින් 23ක් මරුට
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“වසර 70කට වඩා වැඩි කාලයක් දුක්පීඩා අත්විදි දෙමළ ජනතාවගේ ජීවන අයිතීන් ආරක්‍ෂා කළයුතු විශාල වගකීම දෙමළ ජාතික සන්ධානයට ඇත” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් ප්‍රකාශ කර ඇත.

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් තරග කරන අපේක්‍ෂකයින්ට සහයෝගය දක්වා කිළිනොච්චි දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල මහජන හමුවීම් පවත්වමින් සිටියි. ඒ අනුව, කිළිනොච්චි භාරදිපුරම් ප්‍රදේශයේ ජනතාව සමඟ 2018.01.06 වන දින පැවති සාකච්ඡාවට සහභාගිවී කතාකල අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“පසුගිය කාලයේ බොහෝ මැතිවරණවලදී, දෙමළ ජාතියේ විමුක්තිය වෙනුවෙන් දෙමළ ජනතාව, දෙමළ ජාතික සන්ධානය හරහා ජනවරමක් ලබාදී ඇත. මෙවර එම ජනවරම ලබාදෙනු ඇතැයි යන්න අප විශ්වාස කරන්නෙමු. දෙමළ ජාතික සන්ධානය බොහෝ පාවාදීම් සහ ද්‍රෝහිකම් මධ්‍යයේ නොසැලී ගමන් කරමින් සිටියි. 1983 වර්ෂයේදී ඇතිවූ කාලකෝලාහලය හේතුවෙන් පීඩාවට පත්වී, ඇඳිවත සමඟ පමණක් රාත්‍රී කාලයේදී කිළිනොච්චියේ ජනතාව විසුරුවා හරින ලදි.

අපගේ ජනතාවගේ දියුණුව සහ ආර්ථිකය නගා සිටුවීම යනාදී බොහෝ කරුණු පදනම් කරගනිමින් අප ගමන් කරමින් සිටින්නෙමු. ජනතාව අපට ලබාදී ඇති ජනවරමත්, පණිවිඩයත් පැහැර හැරියහොත් හෝ ඒ සම්බන්ධයෙන් සැළකිල්ලක් නොදැක්වුවහොත් ඉතිහාසය පවා අපට සමාවක් නොදෙනු ඇත.

මෙම දේශපාලන ගමන්මගේ දේශපාලන පක්‍ෂයක් ලෙස අප ගමන් කරමින් සිටින්නෙමු. ඔබලා පක්‍ෂය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර, ජයග්‍රහණය කරවනු ඇතැයි යන විශ්වාය අපට ඇත. ජනතාව ලබාදුන් ජනවරම, ප්‍රයෝජනයට ගෙන, නිසි මාර්ගයේ අපගේ ජාතියේ විමුක්තිය කරා, දෙමළ ජාතික සන්ධානය ගමන් කරනු ඇත” යනුවෙන් එස්.ශ්‍රීධරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න