Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සුමන්දිරන්ට අපගේ වේදනාව දැනෙනවාද

|Mon,08 January 2017 12.17|Political| Page Views : 10

අලුත් පුවත්
මෙහොමඩ් ෂාසාඩ් යළි කැඳවයි
වගකීම දෙමළ ජාතික සන්ධානයට ඇත
මුස්ලිම් අපේක්‍ෂකයින්ව හඳුන්වාදීමේ වැඩසටහන
විදුලිය ගන්න ගිය පාසල් සිසුවාට විදුලි සැර වැදී මියයයි
BMW සහ ඇපල් එක්ව නව මෝටර් රථයක් නිර්මාණය කරයි (Video)
රන්වීර් හා දීපිකා ලංකාවේදී විවාහ වෙයි?
මුදල් නෝට්ටු වල ඇඳුනු කාබන් පෑන් ඉරි ඉවත් කරන ක්‍රම තුනක්
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“දෙමළ ජනතාවගේ සටන් සහ එහි වේදනාව නොදන්නා සුමන්දිරන් දෙමළ ජනතාවට විරුද්ධව කටයුතු කරමින් සිටියි” යනුවෙන් ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.

“නිසි විසඳුමක් අවශ්‍යවීම හේතුවෙන්, දෙමළ ජනතාව වන ඔබලා දේපල සහ ඥාතීන් අහිමිකරගෙන සිටියි. නමුත්, මේ වනවිට ඒ සියල්ල අමතක කර සිටින සුමන්දිරන් නැමැති පුද්ගලයා, දෙමළ ජනතාව උතුරු නැගෙනහිර සිදුකරන සටන් සම්බන්ධයෙන් හෝ එහි වේදනාව සම්බන්ධයෙන් දන්නේ මොනවාද? යන්න විමසීමට කැමැත්තෙමි.

කොළඹ ප්‍රදේශයේ උපත ලබා, හැදි වැඩි, කොළඹ ප්‍රදේශයේ අධ්‍යාපනය හදාරා, කොළඹ ඉදිමින් තනතුරු දැරූ පුද්ගලයෙකුට එම වේදනාව දැනෙයිද? යන්න ඔබලා සිතන්නට ඇත. ඒ හේතුවෙන්, සුමන්දිරන් මන්ත්‍රීවරයාගේ කටයුතු දෙමළ ජනතාවට විරුද්ධව සකස්වී ඇත.

‘මේ වනවිට අතුරු වාර්ථාව මගින් අප ටික දුරක් ගමන් කර ඇත්තෙමු. ඉතිරි දුර ගමන් කිරීමට නම්, ඔබලා අප‍ට සහයෝගය ලබාදිය යුතුය’ යනුවෙන් සුමන්දිරන් මන්ත්‍රීවරාය ප්‍රකාශ කර ඇත. අතුරු වාර්තාව, දෙමළ ජනතාව පණපිටින් වළදැමීමට හැකි කරුණක් බව තේරුම්ගෙනත්, ඔහු එයට සහයෝගය ඉල්ලා සිටියි. ඔබලා ‘නිවස’ සලකුණට ඡන්දය ලබාදීම, දෙමළ ජනතාව පණපිටින් වළදැමීමට ලබාදෙන වරමක් ලෙස සකස්වනු ඇත. ‘නිවස’ චෙල්වනායගම් මහතාගේ සළකුණ විය හැකිය.

නමුත් අප මෙහිදි බැලිය යුත්තේ, ප්‍රථිපත්තිමය වශයෙන් අප‍ගේ විසඳුම ක්‍රමක් ක්‍රමයෙන් ලබාගන්නවාද? නැතහොත්, අපව සම්පූර්ණයෙන්ම වෙන්දේසි කර, අලෙවි කරනවාද? යන්නය” යනුවෙන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න