Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශ්‍රී ලංකා – එංගලන්ත අවුරුදු 19න් පහල ක්‍රිකට් පුහුණු තරඟය අත්හැර දමයි

|Thu,11 January 2018 12.30|Miscellaneous| Page Views : 13

අලුත් පුවත්
ප්‍රමිලාගේ ඇඟ ඇතුලට ගිහින්, මැරුණු සිරියලතා දාපු සෙල්ලම
බෝට්ටු අනතුරින් ජීවිතක්ෂයට පත් පවුල්වලට වන්දි
රොෂාන් ට දෙවෙනි පාරටත් වෙච්ච දේ මේ පාරත් ඒ විදිහටම වෙලා – අලුත් බිරිඳ මුහුණු පොත හරහා දැමූ සටහන මෙන්න
ජාතික කබඩි පිරිමි හා කාන්තා සංචිත තෝරා ගැනීමේ පරීක්ෂණ හෙට
හෙරොයින් ළඟතබාගත් සැකකරුවන්ට වැඩ වරදි
ශ්‍රී ලංකාවේ වීසා ප්‍රතිපත්තිය වෙනස් වෙයි
 
ශ්‍රී ලංකා සහ එංගලන්ත වයස අවුරුදු 19න් පහල ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු තරගය අත්හැර දැමීමට තීරණය කර තිබෙනවා. වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් මේ දිනවල පුහුණු තරග පැවැත්වෙනවා. එහි ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිතව තිබූ දෙවන පුහුණු තරගයයි අයහපත් කාලගුණය හේතුවෙන් මෙසේ අත්හැර දැමුණේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවති පළමු පුහුණු තරගයේ දී ඕස්ට්‍රේලියාවට ලකුණු 53ක ජයක් හිමිවුණා. වයස අවුරුදු 19න් පහල ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අනිද්දා නවසීලන්තයේ දී ආරම්භවීමට නියමිතයි. ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිත පළමු තරගය අයර්ලන්තය සමගින් ලබන දාහතර වනදා පැවැත්වෙනු ඇති. නවසීලන්තය සත්කාරකත්වය දරණ තරගාවලියේ ඩී කාණ්ඩය යටතේයි ශ්‍රී ලංකාව තරග බිමට පිවිසෙන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න