Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කැලිෆෝනියාවේ නායයාමෙන් ජීවිතක්ෂයට පත් වූ ගණන ඉහළට

|Thu,11 January 2018 13.00|Miscellaneous| Page Views : 12

අලුත් පුවත්
ආර්.සම්බන්ධන් ස්තූතිය පලකර ඇත
ලාංකික කාන්තාවන්ට ජපානයේ රැකියා අවස්ථා
ටියුනීසියාවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට සහභාගී වූ 200කට අධික පිරිසක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා – එංගලන්ත අවුරුදු 19න් පහල ක්‍රිකට් පුහුණු තරඟය අත්හැර දමයි
ප්‍රමිලාගේ ඇඟ ඇතුලට ගිහින්, මැරුණු සිරියලතා දාපු සෙල්ලම
බෝට්ටු අනතුරින් ජීවිතක්ෂයට පත් පවුල්වලට වන්දි
 
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට බලපෑ නායයාමෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 17 දක්වා ඉහළගොස් තිබෙනවා. පුද්ගලයින් විසි අට දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. අතුරුදන්වූවන් සොයා සහන සේවකයින් සිය ගණනක් සෝදිසි මෙහෙයුම්වල නිරතව සිටිනවා. මේ වන විට නිවාස සියයක් විනාශ වී තිබෙනවා.

පසුගිය මාසයේ දී කැලිෆෝනියා ප්‍රාන්තයට බලපෑ ලැව් ගිනි සමග ඉතිරිවූ අළු මඩ සමග මිශ්‍ර වී ගලා ආ බවයි වාර්තා වන්නේ. සහන සේවකයින් පුද්ගලයින් පනහකට වැඩි පිරිසක් බේරා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත්, බොහෝ ප්‍රදේශවලට තවමත් ළඟාවිය නොහැකි බවයි ඇමෙරිකා වාර්තා සඳහන් කරන්නේ.

කැලිෆෝනියා ප්‍රාන්තයට බලපෑ නායයාමෙන් අතුරුදන්වූවන් සොයා මෙහෙයුම්

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට බලපෑ නායයාමෙන් අතුරුදන්වූවන් සොයා සහන සේවකයින් සිය ගණනක් සෝදිසි මෙහෙයුම්වල නිරතව සිටිනවා. මේ වන විට නිවාස සියයක් විනාශ වී ඇති අතර පසුගිය මාසයේ දී කැලිෆෝනියා ප්‍රාන්තයට බලපෑ ලැව් ගිනිවලින් නිවාස 500කට හානි සිදුවුණා. නායයාමෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 28 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පුද්ගලයින් 50කට වැඩි පිරිසක් බේරාගෙන තිබෙනවා. කෙසේ වෙතත් බොහෝ ප්‍රදේශවලට තවමත් ළඟාවිය නොහැකි බවයි ඇමෙරිකා වාර්තා සඳහන් කරන්නේ. ප්‍රධාන අධිවේගී මාර්ගයක් ඇතුලු මාර්ග කිහිපයක් වසා දමා ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කළා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න