Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දැඩි විවේචන එල්ලකරමින් සිටියි

|Thu,11 January 2018 12.58|Political| Page Views : 28

අලුත් පුවත්
කැලිෆෝනියාවේ නායයාමෙන් ජීවිතක්ෂයට පත් වූ ගණන ඉහළට
ආර්.සම්බන්ධන් ස්තූතිය පලකර ඇත
ලාංකික කාන්තාවන්ට ජපානයේ රැකියා අවස්ථා
ටියුනීසියාවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට සහභාගී වූ 200කට අධික පිරිසක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා – එංගලන්ත අවුරුදු 19න් පහල ක්‍රිකට් පුහුණු තරඟය අත්හැර දමයි
ප්‍රමිලාගේ ඇඟ ඇතුලට ගිහින්, මැරුණු සිරියලතා දාපු සෙල්ලම
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන අතුරු වාර්තාව සම්බන්ධයෙන් දෙමළ ජනතාව දැඩි විවේචන එල්ලකරමින් සිටියි. ඒ හේතුවෙන්, නීතීඥවරු වන සුමන්දිරන් සහ ආර්.සම්බන්ධන් යන දෙදෙනා කෝපයට පත්වී ඇත” යනුවෙන් ඊපීආර්එල්එෆ් සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් 2018.01.10 වන දින නිකුත් කර ඇති නිවේදනයේ මේ බව සඳහන් කර ඇත.

මෑතකදී, යාපනයේ පැවති අපේක්‍ෂකයින් හඳුන්වාදීමේ රැස්වීමකදී, පාර්ලි‍මේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන්, මාධ්‍යන්ට එරෙහිව කතාකලා පමණක් නොව, ‘මාධ්‍යන් නිසි අයුරින් කටයුතු කල යුතු බවත්, නැතහොත් මාධ්‍යන් නිවැරදී කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රකාශ කර තිබුණි.

තම අදහස් මාධ්‍යන් සම්පූර්ණයෙන්ම පලකර නොමැති බවත්, අනෙකුත් අදහස්වලට ප්‍රමඛත්වයක් ලබාදී ඇති බවත්, මාධ්‍යන් නිසි අයුරින් කටයුතු කලයුතු බවත් ඔහු කෝපයෙන් යුතුව ප්‍රකාශ කර තිබුණි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අතුරු වාර්තාවක් ඉදිරිපත් කර තිබීමත්, මෙම අතුරු වාර්තාව දෙමළ ජනතාව මධ්‍යයේ දැඩි විවේචනයට ලක්වී තිබීමත් සුමන්දිරන් සහ ආර්.සම්බන්ධන්ව කෝපයට පත්කරවා ඇත.

තමන් දක්වන අදහස් පමණක් මාධ්‍යයන්හි පලකල යුතු බවට කැමැත්තක් දක්වන පුද්ගලයින්, අන් අයගේ අදහස් මාධ්‍යන්හි පලකිරීම හේතුවෙන් කලබලයට පත්වී, බියවී මාධ්‍යයන්වලට තර්ජනය කරන තැනට පැමිණ ඇත. මෙම අතුරු වාර්තාව සම්බන්ධයෙන් ආර්.සම්බන්ධන් සහ සුමන්දරන් හැර, එය සාධාරණ බව ප්‍රකාශ කිරීමට තමිලරසු පක්‍ෂය තුල පවා කිසිවෙකුත් නොමැත. ඒ හේතුවෙන්, උතුරු නැගෙනහිර සිටින දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මේ සම්බන්ධයෙන් පොදුවේ විවාද කිරීමටත්, අදහස් ඉදිරිපත් කිරීමටත් නොහැකිව නිහඬතාවයක් දක්වමින් සිටියි.

දෙමළ ප්‍රජාව, මාධ්‍ය නිදහස ආරක්‍ෂා කරගැනීම සඳහා බොහෝ මාධ්‍යවේදීන් අහිමි කරගෙන ඇත. මාධ්‍ය නිදහස ආරක්‍ෂා කිරීමේදී දෙමළ ජනතාව සහ දෙමළ මාධ්‍යවේදීන් විශාල දායකත්වයක් ලබාදී ඇත.

නමුත්, මෑතකදී දේශපාලනයට පැමිණි සුමන්දිරන්, මාධ්‍යයන් නිවැරදි විය යුතු බවත්, නැතහොත් නිවැරදි කරන බවටත් තර්ජනය කර තිබීම, බලයේ උච්චතම අවස්ථාවක ඉදිමින් කල ප්‍රකාශයක් ලෙස සැළකිය හැකිය. පසුගිය රජයේ පාලන කාලයේදී මාධ්‍යවේදීන්ව සහ රජය පිළිබඳ විවේචන එල්ල කරන පුද්ගලයින්ව සුදුවෑන් රථවලින් පැමිණ පැහැරගෙන ගොස් ඝාතනය කරන ලදි. එය ඒකාධිපති පාලනයක් ලෙස හැඳින්විය හැකිය.

එවැනි කටයුතුවල නිරතවන පුද්ගලයින්ට සහයෝගය ලබාදී, රජය විසින් ඔවුන්ව ආරක්‍ෂා කරමින් සිටියි. සුමන්දිරන් මන්ත්‍රීවරයා මේ වනවිට මාධ්‍යයට එල්ලකර ඇති තර්ජන දෙස බලනවිටදී, ඔහු කුමන පුද්ගලයෙකුගේ සහයෝගය මත මෙම තර්ජනය සිදුකර තිබෙනවාද? යන්න පිළිබඳව ප්‍රශ්ණයක් මතුවී ඇත.

ඊළාම් ජනතා විප්ලවවාදි විමුක්ති පෙරමුණ දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙනුත්, විමුක්තිය වෙනුවෙනුත් වසර 40ක කාලයක සිට සටන් කරමින් සිටියි. මෙවැනි තර්ජන අපගේ පක්‍ෂය දැඩිලෙස හෙළාදකින අතර, මාධ්‍යය නිදහස ආරක්‍ෂා කරගත යුතුය යන කරුණේදී දැඩි ස්ථාවරයක සිටින්නෙමු” යනුවෙන් එම නිවේදනයේ සඳහන් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න