Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තම ඡන්ද බලය තහවුරු කල යුතුය

|Fri,02 February 2018 14.30|Political| Page Views : 60

අලුත් පුවත්
නිදහස වෙනුවෙන් පරිබෝගිකයින්ට මිල අඩු කිරීම්
ආබාධිත අයවලුන්ටත් චන්දේ දාන්න පහසුකම්
දංකොටුවෙන් හෙරොයින් අල්ලයි
හක්බෙල්ලන් 750 ක් සමග අත්අඩංගුවට
දළඳා මාළිගාවේ රන්වියන ප්‍රතිසංස්කරණය කරයි
අවුරුදු පහකින් අදායම් බලපත්‍ර නොගත් වාහන වලට වෙන දේ
මානව හිමිකම් කොමිෂන් සභාව පැය තුනක් ඌවේ මහ ඇමතිගෙන් ප්‍රශ්න කරයි
තාවකාලික හැදුනුම්පත් ලබා ගැනීමට තිබූ කාලය අදින් අවසන්
 
පරිවර්තනය කලේ(ලන්කාවන් වෙබ් අඩවිය)

“අපගේ ජනතාව සතුව ඇති ශක්තිමත් අවිය, ඡන්දයයි. පසුගිය කාලයේ දෙමළ ජනතාවට එරෙහිව කටයුතු කල දේශපාලඥයින්ව එමගින් පරාජයට පත්කර ඇත්තෙමු. ඒ ආකාරයෙන්ම, අප සඳහා වන බලය පළාත් පාලන ආයතනවල පිහිටුවීමට, දෙමළ ජනතාව ‘නිවස’ සළකුණට ඡන්දය ප්‍රකාශ කල යුතුය” යනුවෙන් විපක්‍ෂ නායක මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

ඉලංගෙයි තමිලරසු පක්‍ෂයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් මැතිවරණ ප්‍රචාරක කාර්යාලය විවෘත කිරීමේ වැඩසටහන 2018.01.31 වන දින පවත්වා ඇත. මෙම වැඩසටහනට සහභාගි වී කතා කල අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට දීර්ඝ කාලයක සිට අවශ්‍ය වී තිබූ තමිලරසු පක්‍ෂයේ ස්ථීර කාර්යාලයක්, සියළුදෙනාගේ සහයෝගයෙන් මේ වනවිට ස්ථාපිත කර ඇත. විවිද අවශ්‍යතා සහ ගැටළු යනාදිය සමග පැමිණෙන අපගේ ජනතාව සඳහා වන සේවය මෙම කාර්යාලය මගින් ඉටුකිරීමට නියමිතය. ඒ සඳහා වන සහයෝගය මා ඇතුළු අනෙකුත් නියෝජිතයින් ලබාදෙන්නෙමි. අපගේ ජනතාවට අඛණ්ඩව බොහෝ මැතිවරණවලට මුහුණදීමට සිදුවනු ඇත.

ඒ අතරම, පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණයන්හිදී, අපගේ ජනතාව තම ඡන්ද බලය තහවුරු කල යුතුය. 2015.01.08 වන දින සිදුකල වෙනස මෙන් බොහෝ වෙනස්කම් සිදුකල යුතුව ඇත. මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමටත්, මානව හිමිකම් කටයුතු ස්ථාපිත කිරීමටත්, මෙර‍ටේ අධිකරණ නීතිරීතිවලට ගරුකර, ක්‍රියාත්මක කිරීමට අප අතීතයේ මෙන් වර්ථමානයෙත් සමගියෙන් එක් කුඩයක් තුල සිටින බව මෙරටේ රජයට සහ ජාත්‍යන්තර ප්‍රජාවටද අනාවරණය කල යුතුය” යනුවෙන් ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.තුරෙයිරත්නසිංහම්, නැගෙනහිර පළාත් සභාවේ හිටපු අධ්‍යාපන අමාත්‍ය එස්.දණ්ඩායුදපානි, දෙමළ ජාතික සන්ධානයේ කැනඩා ශාඛාවේ නායක කුගදාසන්, පක්‍ෂයේ බොහෝ නියෝජිතයින්, අපේක්‍ෂකයින්, ආධාරකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම වැඩසටහනට සහභාගි වී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න