Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ටත් සිදුවනු ඇත!

|Mon,05 February 2018 11.05|Political| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“දෙමළ සන්ධානයෙන් ඉවත්වූ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට උද්ගතවූ තත්වය සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ටත් උද්ගත වනු ඇත. ජනතාව සෑමවිටම එකමුතුවී ප්‍රබල කණ්ඩායමක් තෝරාගනු ඇත” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.සරවනබවන් ප්‍රකාශ කර ඇත.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් වලිගාමම් බටහිර පළාත් පාලන ආයතනයට තරග කරන අපේක්‍ෂකයින්ට සහයෝගය දක්වා පැවැත්වූ මැතිවරණ ප්‍රචාරක රැළියට සහභාගි වී කතා කල අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“අප මෙවර ඉදිරිපත් කර ඇති අපේක්‍ෂකයින් අත්දැකීම් ඇති පුද්ගලයින් ලෙස ඇති අතර, ඔවුන් පළාත් පාලන ආයතන කටයුතු සාර්ථකව සිදුකරනු ඇතැයි යන විශ්වාසය මා හට ඇත. මෙවැනි පසුබිමකදී, වලිගාමම් බටහිර පළාත් පාලන ආයතනය අප අනිවාර්යෙන් ජයග්‍රහණය කරනු ඇත. එහි කිසිඳු සැකයක් නොමැත.

නමුත්, අපගේ ජයග්‍රහණය දැවැන්ත ජයග්‍රහණයක් බවට පත්කල යුතුය. දෙමළ ජාතික සන්ධානය දේශපාලන විසඳුම සහ සංවර්ධනය යන කරුණු 02දී එක හා සමානව කටයුතු කරමින් සිටියි.

දෙමළ ජාතිය වහල් ජාතියක් ලෙස නොසිටිය යුතුය. එම වහල්භාවය තුරන් කිරීම සඳහා අපගේ නායක ප්‍රභාකරන් සන්නද්ධ සටනක් සිදුකරන ලදි. අපගේ සටන, බටහිර රටවල් සිදුකල කුමන්ත්‍රණ හේතුවෙන්, විනාශ කරන ලදි. මුල් කාලයේදී, අවිහිංසාවාදීව සටන් කලෙමු.

පසුව, සන්නද්ධව සටන් කලෙමු. එම සටන් 02කම අවසන් වී ඇති අවස්ථාවකදී, මේ වනවිට රාජතාන්ත්‍රික වශයෙන් සටන් කරමින් සිටින්නෙමු. අපගේ රාජතාන්ත්‍රික සටන ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ආකාරයකින් විවේචනය කිරීමට හැකිය. නමුත්, අපගේ මාර්ගය නිවැරදිය. එම මාර්ගයේ අප සියළුදෙනා එකමුතුවී ගමන් කල යුතුය.

අරමුණ ඉටුකරගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය සමගියෙන් කටයුතු කරමින් සිටියි. නමුත්, ඇතැම් පුද්ගලයින් අපගෙන් වෙන්ව යමින් සිටියි. මැතිවරණයේදී ජනතාව ඔවුන්ට නිසි පාඩමක් උගන්වනු ඇත” යනුවෙන් ඊ.සරවනබවන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න