Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අනාවරණය කරන්නෙමු

|Tue,06 February 2018 15.40|Political| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“යුද්ධය පැවැති කාල පරිච්ඡේදයේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සමග ඒකාබද්ධ වී කටයුතු කරන ලදි. යුද පෙරමුණේදී, යාපනය තුල තරුණයින් 3000කට පමණ ඩග්ලස් දේවානන්දන් ඇතුළු කණ්ඩායම විසින් වෙඩිතබා ඝාතනය කරන ලදි” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් ප්‍රකාශ කර ඇත.

යාපනය මන්ඩතීව් ප්‍රදේශයේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැළියට සහභාගි වී කතා කල අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“දෙමළ ජාතික සන්ධානය ජීවිත විශාල ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම්ට මැරයින් විසින් වෙඩිතබා ඝාතනය කරන ලදි. රවිරාජ් මහතා දෙමළ ජනතාවගේ ගැටළුව සිංහල භාෂාවෙන් සිංහල ජනතාවට අනාවරණය කිරීම හේතුවෙන්, කොළඹදී ඔහුට වෙඩිතබා ඝාතනය කරන ලදි. 2011 වර්ෂයේ අනුරාධපුර ප්‍රදේශයේදී මා හටද වෙඩි ප්‍රහාරයක් එල්ල කරන ලදි.

යුද්ධය අවසන් කල කාලයේදී, මුල්ලිවායික්කාල්හි සිට අප හමුදා පාලන ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී, අප බොහෝ දුක්පීඩා අත්වින්දෙමු. එවැනි තත්වයක සිට අප මෙම තත්වයට පැමිණ සිටින්නෙමු” යනුවෙන් එස්.ශ්‍රීධරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න