Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කඩවතින් කැපුම් තුවාල සහිත මළ සිරුරක් හමුවෙයි

|Mon,12 February 2018 09.25|Crime| Page Views :

මහර, කඩවත ප්‍රදේශයේදී කැපුම් තුවාල සහිතව මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

කැපුම් තුවාල සහිත පුද්ගලයෙකු මාර්ගයේ වැටී ඇති බවට 119 පොලිස් හසිදි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත අදාල මළ සිරුර සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

පොලිසිය විසින් අදාල පුද්ගලයා රාගම රෝහලට ඇතුලත් කිරිමේදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ ගනේමුල්ල, කොස්සින්න ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනයට හේතුව පුද්ගලික ආරවුලක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළේය.

රාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න