Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශ්‍රී ලංකාවට පදක්කම් 7ක්

|Mon,12 February 2018 11.01|Security| Page Views : 13

අලුත් පුවත්
යතුරුපැදියක් පෙරළී අයෙක් මරුට
ඒකාබද්ධව වී කටයුතු කළයුතුව ඇත
සතියක් යනතුරු පෙළපාළි තහනම්
පොලිස් රග්බි කණ්ඩායම හා යුද හමුදා රග්බි කණ්ඩායම අතර තරඟයේ ජය යුද හමුදා කණ්ඩායමට
අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ නාවික හමුදා රග්බි කණ්ඩායමට පහසු ජයක්
මැතිවරණයට පසු ගෝඨාභය දිවයිනට පැමිණෙයි
ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය මෙයයි – කැෆේ
බැදුම්කර මාමා අල්ලන්න ඉන්ටපෝල් වරෙන්තු
 
ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව මේ වන විට රන් පදක්කම් 2ක් ද සමගින් මුළු පදක්කම් 7ක් දිනා සිටී.

ඉදිරියේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියට පෙරහුරුවක් ලෙස මෙම තරගාවලිය ක්‍රියාත්මකයි.

විනෝජ් සුරංජය ද සිල්වා, ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 පිරිමි ධාවන ඉසව්ව ජය ගත්තේ ය.

ඒ, තත්පර 10.3ක දක්ෂතාවක් දක්වමිනි.

එහි මූලික වටයේ තරගයේදී ඔහු තත්තපර 10.28ක දක්ෂතාවක් දැක්වූ අතර එය මෙවර තරග සමයේදී ඔහුගේ හොඳ ම දක්ෂතාව ද වේ.

මේ අතර මීටර් 400 පිරිමි ධාවන ඉසව්වට එක් වූ තුෂාර ධනංජය එහි රන් පදක්කම දිනා ගත්තේ තත්පර 46.83ක දක්ෂතාවක් දක්වමිනි.

එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිලීප රුවන්ට හිමි විය.

මේ අතර හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ රිදී පදක්කම හිමි වූයේ මීටර 75යි දශම 3.9ක දක්ෂතාවක් දැක්වූ සම්පත් රණසිංහටයි.

මීටර 400 කාන්තා ධාවන ඉසව්වට එක් වූ උපමාලිකා රත්න කුමාරි ලෝකඩ පදක්කම හිමි වු අතර ඇය දැක්වූ දක්ෂතාව තත්පර 54.89කි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න