Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ද. අප්‍රිකාව සමඟ පැවති එක්දින ක්‍රිකට් තරඟාවලිය එක් තරඟයක් ඉතිරිව තිබිය දී ඉන්දියාවට ජය

|Wed,14 February 2018 10.45|Miscellaneous| Page Views :

දකුණු අප්‍රිකාව සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබිය දී ජයගැනීමට සංචාරක ඉන්දියාව සමත් වුණා. දෙරට අතර පැවති පස් වන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමටයි දකුණු අප්‍රිකාව තීරණය කළේ. මේ අනුව පිටියට පිවිසි ඉන්දියාව කඩුලු 7ක් දැවී ලකුණු 274ක් ලබාගත්තා. හුදෙකලා සටනක නිරත වෙමින් රෝහිත් ශර්මා ලකුණු 115ක් ඉණිමට එක්කළා. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 42යි පන්දු දෙකක දී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 201ක් පමණයි. මේ අනුව ලකුණු හැත්තෑ තුනකින් ලද ජයග්‍රහණයත් සමඟින් එක්දින තරග හයකින් සමන්විත තරගාවලිය තරග හතරට එකක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත් වුණා. දෙරට අතර පැවැත්වීමට නියමිත අවසන් එක්දින තරගය ලබන 16 වනදා සෙන්චූරියන් හිදී පැවැත්වෙනු ඇති.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න