Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

යෝජනා මාලාවක් ඇතුළත් ලිපියක් අද ජනපති අතට

|Wed,14 February 2018 12.52|Special| Page Views :

සයිටම් සිසුන් හට නිසි විසඳුම් ලබාදීම සඳහා විවිධ පාර්ශව වල අදහස් එක් කොට සැකසූ යෝජනා මාලාවක් ඇතුළත් ලිපියක් අද(14) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ එමඟින් සයිටම් සිසුන් හට වඩාත් සාධාරණයක් ඉටු වනු ඇති බවයි.

මේ අතර වත්මන් ආණ්ඩුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී පරාජයට පත්වීමට ප්‍රධාන හේතුව සයිටම් ගැටළුවට නිසි විසඳුම් ලබා නොදීම බව සයිටම් ශිෂ්‍ය දෙමාපිය සංසදයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රජයේ විශ්වවිද්‍යාල වල සිසුන් හා දෙමාපියන් ඇතුළු විශාල පිරිසකයේ ඡන්දය මෙවර මැතිවරණයේදී රජයමට හිමි නොවූ බවයි. කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ගැමුණු විජේරත්න මහතා මේ බව කියා සිටියේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න