Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්‍රදේශ කිහිපයකට වැසි

|Wed,14 February 2018 15.30|Miscellaneous| Page Views : 155

අලුත් පුවත්
බීජ අර්තාපල් නිෂ්පාදනය සාර්ථකයි
ජයග්‍රහණය සමරන්න හැමෝම රිතිඤ්ඤා දානකොට අමුතුම වැඩක් කරපු පොහොට්ටුවේ අපේක්ෂකයා
දෙහිවල සත්ත්ව අභිජනන කටයුතු සාර්ථකයි
හසිනි ඇප මත නිදහස්
යෝජනා මාලාවක් ඇතුළත් ලිපියක් අද ජනපති අතට
දිනූ අපේක්ෂකයන් ගැසට් කෙරේ
කැලණිවැලි දුම්රිය මාර්ගය16දා සිට වැසේ
 
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පලාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.

උතුරු සහ උතුරුමැද පළාත්වල විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු වේ.බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇතිවේ.මාතර සිට කොළඹ හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රිකාලයේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැක.සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ.මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 50 ක් දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න