Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ස්ථාවරය පාර්ලිමේන්තු කමිටුවට ..

|Tue ,06 March 2018 13:20|Political| Page Views : 10

අලුත් පුවත්
මුලතිව් මුහුද වෙනස් වෙයි
තෙල්දෙනියට යළි පොලිස් ඇඳිරි නීතිය පනවයි ...
ශ්‍රීලනිප මන්ත්‍රීන් පිරිසක් අද තීන්දුවක් ගැනීමට යයි ...
අද උදෑසන ෆේස්බුක් වල සිදුවූ වෙනස මෙන්න .
ටිකට් ගත් ක්‍රීඩා ලෝලීන්ගෙන් ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් කරයි ..
අද තරගයට සියල්ල සූදානම්
කන්ටේනර් රථ රියදුරන් සහ සහයකයින් ගේ වර්ජනය තවදුරටත් ...
අද පාර්ලිමේන්තුවේදී කිහිපදෙනෙකුගේ පුටු මාරු වෙයි ...
 
පරිවර්තනය කලේ(සන්කදි 24 වෙබ් අඩවිය)

“අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත්, එහිදී දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය සහ තීරණය කුමක්ද? යන්න සම්බන්ධයෙන් අපගේ පාර්ලිමේන්තු කමිටුව රැස්වී ඒකමතික තීරණයක් ගැනීමට නියමිතය. මේ සම්බන්ධයෙන් 2018.03.05 වන දින දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කමිටුව රැස්වීමට නියමිතය” යනුවෙන් විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

සමාජ සේවකයෙකු මෙන්ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන අභාවප්‍රාප්ත කන්දයියා තුරෙයිරාසාගේ පුත් අභාවප්‍රාප්ත විජේකුමාර් (මයුරන්) යන දෙදෙනාව සිහිකිරීම සඳහා ත්‍රිකුණාමලයේ උප්පුවේලි ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත මහළු නිවාස සඳහා වන මුල්ගල තැබීමේ වැඩසටහන 2018.03.05 වන දින පවත්වා ඇත. මෙම වැඩසටහනෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී, මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබාදුන් අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ නොකිරීම පාර්ලිමේන්තුව තුල සමාන්‍ය කරුණක් ලෙස ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ප්‍රකාශ කරනවා මිසෙක, එය තවමත් නිසියාකාරව තහවුරු කර නොමැත. ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජිතයින් සහ අතෘප්තියෙන් සිටින ඇතැම් පුද්ගලයින් උත්සාහ කරමින් සිටින බව දැනගැනීමට ලැබී ඇත.

ඒ ආකාරයෙන් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් ‍කළහොත්, දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් වන අප, ගතයුතු තීරණය කුමක්ද? යන්න සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කමිටුව රැස්වී සාකච්ඡා කර, ඒකාබද්ධ තීරණයක් ගන්නෙමු. මේ සම්බන්ධයෙන් අප ගතයුතු තීරණය කුමක්ද? යන්න සම්බන්ධයෙන් අපගේ පාර්ලිමේන්තු කමිටුව රැස්වී තීරණයක් ගැනීමට නියමිතය. 2018.03.06 වන දින පාර්ලිමේන්තු පරිශ්‍රයට රැස්වන මෙන් දෙමළ ජාතික සන්ධානයේ සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරධනා කර ඇත්තෙමු. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළහොත්, සිදුකළ යුත්තේ කුමක්ද? යන්න සම්බන්ධයෙන් ඒකමතික තීරණයක් එම අවස්ථාවේදී ගන්නෙමු. දෙමළ ජාතික සන්ධානය ගත්විටදී, අපගේ බලාපොරොත්තුව, වත්මන් යහපාලන රජය අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු බවයි.

වත්මන් යහපාලන රජය, වසර 03ක කාලයක් මෙරට පාලනය කර ඇත. දෙමළ ජනතාව සඳහා වන දේශපාලන විසඳුම සම්බන්ධයෙන් 2015 වර්ෂයේ සිට බොහෝ උත්සාහයන් ගෙන ඇත්තෙමි. එම උත්සාහයන් පහසු කාර්යයක් වී නොමැත. නමුත්, එම උත්සාහයන්හි අඛණ්ඩව නිරතවෙන්නෙමු. එවැනි උත්සාහයක නිතරවී සිටි අවස්ථාවේදී, පළාත් පාලන මැතිවරණය පවත්වන ලදි. අපගේ බලාපො‍රෙත්තුව, මෙම රජය අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු බවයි. නමුත්, ඉදිරියේදී කුමක් සිදුවේවිද? යන්න සම්බන්ධයෙන් අපට එකහෙළාම ප්‍රකාශ කළ නොහැකිය. නමුත්, දේශපාලන විසඳුමක් සඳහා වන උත්සාහයේ අඛණ්ඩව නිරතවිය යුතුය. එමගින් මෙර‍ටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කළ යුතුය. එය පාර්ලිමේන්තුව තුල සම්මත කරගෙන, ක්‍රියාවට නැංවිය යුතුය.

විසඳුම් ලබාදෙන කරුණු සම්බන්ධයෙන් දෙමළ ජනතාව වැඩි උනන්දුවකින් සිටීම සත්‍යයකි. සාධාරණ විසඳුමක් ලබාදිය යුතුය යන කරුණ සම්බන්ධයෙන් උනන්දුවකින් සහ අවධානයකින් අප සිටින්නෙමු. ජනවාර්ගික ගැටළුවලට විසඳුමක් ලබාදිය යුතුය. ජනවාර්ගික ගැටළුවලට විසඳුමක් ලබානොදී, රටේ පවතින කිසිඳු ගැටළුවකට යහපත් විසඳුමක් දැකිය නොහැකිය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ රජය වුවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ රජය වුවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ රජයේ පාලන කාලයේ වුවත් සැබෑ තත්වය එයයි. ජනවාර්ගික ගැටළුව නොවිසඳුවහොත්, කිසිඳු රජයකට ස්ථීරව සිටිය නොහැකිය. වත්මන් රජය කෙරෙහි දෙමළ ජනතාව තුල අවිශ්වාසයක් ඇතිවීමට බොහෝ හේතු ඇත. නමුත්, දේශපාලන පක්‍ෂයක් වශයෙන් සෑම කරුණක්ම අපට ඉවත දැමීමට නොහැකිය. අපගේ කටයුතු පෙරට කරගෙන යාමට විවිධ උපාය මාර්ග භාවිතා කර, විසඳුමක් දැකීමට අප අඛණ්ඩව කටයුතු කල යුතුව ඇත්තෙමු. පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල, 2015 වර්ෂයේ පැවැති ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදීත් ජනතාව ලබාදුන් ජනවරමට කිසිඳු ආකාරයකින් හානියක් සිදුවී නොමැත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 2015 වර්ෂයේ නැවතත් ජනාධිපතිධූරයට පත්වීමට දැඩි උත්සහයක නිරතවිය. නමුත්, ඔහු එයින් පරාජයට පත්විය. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල, වත්මන් රජය කෙරෙහි ජනතාවට ඇතිවූ අතෘප්තියක් මිසෙක, මහින්ද රාජපක්‍ෂ කෙරෙහි ඇති කැමත්ත නොවේ. මහින්ද රාජපක්‍ෂ සිදුකල කටයුතු වෙනුවෙන්, පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ඔහුට ඡන්දය ලබාදී නොමැත” යනුවෙන් ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න