Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නිතිය හා සාමය ඉක්මනින් ඉස්ථාපිත කලයුතුය

|Tue,07 March 2018 11.38|Political| Page Views :

පරිවර්තනය කලේ(ආදවන් නිව්ස් වෙබ් අඩවිය)

“මහනුවර, දිගන, තෙල්දෙණිය සහ අම්පාර යනාදී ප්‍රදේශයන්හි ප්‍රචණ්ඩ ක්‍රියා මුදාහැරිය අවස්ථාවේදී, නීතිය සහ සාමය ස්ථාපිත කර නොමැත” යනුවෙන් විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

2018.03.06 වන දින පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට සහභාගිවී කතා කල අවස්ථාවේදී ආර්.සම්බන්ධන් මේ බව ප්‍රකාශ කර ඇත.

“නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කර, සාමය ස්ථාපිත නොකලහොත්, එය අපරාධකරුවන්ට වාසිදායවනු ඇත. මෙරටේ මෑත කාලයේ සිට සුළු ජාතික ජනතාවට එරෙහිව මුදාහැරිය ප්‍රචණ්ඩ ක්‍රියා අනුමත කල නොහැකිය.

අහාරවලට ඖෂධ කවලම් කර ඇති බවට ප්‍රකාශ කර, අම්පාර දිස්ත්‍රික්කයේ ව්‍යාකූලකාරි තත්වයක් ඇතිකරන ලදි. ඒ ආකාරයෙන්ම, අනතුරක් මූලික කරගනිමින් මහනුවර ප්‍රදේශයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා මුදාහරින ලදි.

මෙම සිදුවීම්වලදී, නීතිය සහ සාමය නිසි අයුරින් ක්‍රියාත්මක කර නොමැත. එයට හේතුව කුමක්ද? යන්න මෙම සභාවේදී විමසීමට කැමැත්තෙමි. ආගමික ස්ථාන සහ නිවාසවලට හානි සිදුකර, මේ ආකාරයෙන් ජාතිවාදී කටයුතුවල නිරතවීම කිසිඳු අවස්ථාවක අනුමත කල නොහැකිය.

මෙරටේ ඇතැම් පාර්ශව පමණක් තමන් උසස් පුද්ගලයින් යැයි සිතා, මෙවැනි ක්‍රියාවල නිරතවනු ඇත. ඒවා වළක්වා, ජනතාව ආරක්‍ෂා කිරීමට රාජ්‍ය ව්‍යූහයේ වෙනස්කම් සිදුකල යුතුය.

රටේ සාමයට තර්ජනයක් ඇතිකරන මෙවැනි සිදුවීම්වලදී, නීතිය තම වගකීම ඉටුකල යුතුය. නීතිය සහ සාමය ස්ථාපිත කල යුතුය. නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොකලහොත්, අපරාධ ක්‍රියාවල නිරතවීමට එය වාසිදායක වනු ඇති බවට අනතුරු අඟවන්නෙමු” යනුවෙන් ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න