Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හදිසි නීතිය 18දා අහෝසියි

|Wed,14 March 2018 12.05|Miscellaneous| Page Views :

රටේ පැවැති කලහකාරී වාතාවරණය පාලනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සතියක. කාලයක් සඳහා ප්‍රකාශයට පත් කළ හදිසි නීතිය ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ජනාධිපතිවරයා දිවයිනේ නොමැති බැවින් එය මෙම 18 දා දක්වා බල පැවැත්වෙන බව ජනාධිපති ‍ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා මාධ්‍යට ප්‍රකාශ කළේය.

පසුගිය සතියේ රටේ ඇතිවූ කලහකාරී තත්ත්වය පාලනය කිරීමට ඉකුත් 6දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ බවත් එය අවලංගු කිරීමද ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කිරීමෙන් කළ යුතු බවත් ‍ලේකම්වරයා සඳහන් කළේය.

හදිසි නීතිය අවලංගු කිරීමේ ගැසට් නිවේදනය අද (14) නිකුත් කිරීමට නියමිතව තිබිණි. මේ වන විට ජනාධිපතිවරයා ජපාන නිල සංචාරයක නිරත වන බැවින් එම ගැසට් නිවේදනය ශ්‍රී ලංකාවේ වේලාවෙන් මෙරට ගැසට් නිවේදනයකින් මෙරටදී අත්සන් කළ නිසා අවලංගු කිරීම සඳහා වන ගැසට් නිවේදනයද මෙරටදී කළ යුතු බව ඔස්ටින් ප්‍රනාන්දු මහතා පැවැසීය.

මේ වන විට රට සාමකාමී තත්ත්වයක පවතින බව සඳහන් කළ ජනාධිපති ‍ලේකම්වරයා, ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු 18 දා අවලංගු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරන බව සඳහන් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න