Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විදෙස් රටවල නීති විරෝධීව රැඳී සිටි පිරිසක් ලංකාවට එවයි

|Wed,14 March 2018 13.26|Security| Page Views : 22

අලුත් පුවත්
මෙම වසරේ සිට ජන සංගණන කාලයේ වෙනසක්
ෆේස්බුක් ප්‍රශ්නය විසඳන්න ඉන්දීය නියෝජිතයෙක් එයි
මොරගහකන්දේ තවත් පවුල් 97 ඉවත් කරයි
හදිසි නීතිය 18දා අහෝසියි
පලස්තීන අග්‍රාමාත්‍යවරයාගේ නිල රථය ඉලක්කකර බෝම්බ ප්‍රහාරයක්
කොළඹ කුණු ප්‍රශ්නයට තවමත් විසඳුමක් නෑ
අනතුරකින් පුද්ගලයෙක් මරුට
මහා ප්‍රාඥ ස්ටීවන් හෝකින් සමුගනී
 
නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සහ ස්විට්සර්ලන්තයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු එම රටවලින් පිටුවහල් කිරීමෙන් අනතුරුව අද (14) උදෑසන යළිත් ශ්‍රී ලංකාවට එවා තිබුණා.

මෙම පිරිස අතරින් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු අද අලුයම 6.20 ට පමණ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි එරටට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.

මීට අමතරව තවත් ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු අද උදෑසන 9.00 ට පමණ ස්විට්සර්ලන්තයේ සිට එරටට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම පිරිස සමග එම රටවලට අයත් ආරක්ෂක භට පිරිසක් ද එම ගුවන් යානාවල පැමිණි බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

මෙම පිරිසගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මුදා හැරීමට නියමිතව තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න