Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පෙර පාසැල් උතුරු පළාත් සභාවට

|Wed,14 March 2018 13.03|Political| Page Views : 11

අලුත් පුවත්
විදෙස් රටවල නීති විරෝධීව රැඳී සිටි පිරිසක් ලංකාවට එවයි
මෙම වසරේ සිට ජන සංගණන කාලයේ වෙනසක්
ෆේස්බුක් ප්‍රශ්නය විසඳන්න ඉන්දීය නියෝජිතයෙක් එයි
මොරගහකන්දේ තවත් පවුල් 97 ඉවත් කරයි
හදිසි නීතිය 18දා අහෝසියි
පලස්තීන අග්‍රාමාත්‍යවරයාගේ නිල රථය ඉලක්කකර බෝම්බ ප්‍රහාරයක්
කොළඹ කුණු ප්‍රශ්නයට තවමත් විසඳුමක් නෑ
අනතුරකින් පුද්ගලයෙක් මරුට
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් පරිපාලනය කරන පෙර පාසැල් උතුරු පළාත් සභාවට භාරදීම සඳහා වන ඉල්ලීමක් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට තීරණයක් ගෙන ඇත” යනුවෙන් උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් ප්‍රකාශ කර ඇත.

උතුරු පළාත් සභාවේ 118 වන සභාවාරය 2018.03.13 වන දින පවත්වා ඇත. එහිදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“යාපනය මැතිවරණ බල ප්‍රදේශය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායම රැස්වි සිටියහ. එහිදී, හමුදාව විසින් පරිපාලනය කරන පෙර පාසැල් උතුරු පළාත් සභාවට භාරදීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදි.

හමුදාව පරිපාලනය කරන පෙර පාසැල් සියල්ල උතුරු පළාත් සභාවට භාරදීමට ක්‍රියාමාර්ග ගන්නා මෙන් රජයෙන් ඉල්ලීමක් කිරීමට එම මන්ත්‍රීවරු කණ්ඩායම තීරණය කර ඇත. එම ඉල්ලීම ඔවුන් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරනු ඇත” යනුවෙන් සී.වී.කේ.ශිවඥාණම් ප්‍රකාශ කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ උතුරු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය කේ.සර්වේෂ්වරන්, “හමුදාව විසින් පරිපාලනය කරන පෙර පාසැල්වල සිසුන්ට හමුදා විනය උගන්වමින් සිටින අතර, හමුදා නිල ඇදුමට සමාන නිළ ඇදුම් සිසුන්ට ලබාදෙමින් සිටියි” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න