Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මන්ත්‍රීවරු දිවුරුම්දීමේ වැඩසටහනක් !

|Tue,20 March 2018 12.40|Political| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“මඩකලපුව සහ අම්පාර යනාදී දිස්ත්‍රික්කයන්හී පළාත් පාලන ආයතනවලට තේරීපත්වු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු දිවුරුම්දීමේ වැඩසටහන 2018.03.20 වන දින 0900 පැයට මඩකලපුව දේවනායගම් ශලාවේදී පැවැත්වීමට නියමිතය” යනුවෙන් ඉලංගෙයි තමිලරසු පක්‍ෂයේ ලේකම් කේ.තුරෙයිරාජසිංගම් ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු අවස්තාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. “පැවති පළාත් පාලන මැතිවරණයට තරග කර, ජයග්‍රහණය කල සහ තෝරාපත්කරගත් මන්ත්‍රීවරු සඳහා වන දිවුරුම්දීමේ වැඩසටහන් උතුරු නැගෙනහිර පළාත්වල පැවැත්වීමට නියමිතය.

මෙවැනි පසුබිමකදී, මඩකලපුව සහ අම්පාර යනාදී දිස්ත්‍රික්කයන්හි පළාත් පාලන ආයතන සඳහා වන මන්ත්‍රීවරු දිවුරුම්දීමේ වැඩසටහන මඩකලපුවේ දේවනායගම් ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තේරීපත්වු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 79 දෙනෙකු සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් තේරීපත්වු මන්ත්‍රීවරු 27 දෙනෙකු සහභාගිවීමට නියමිතය” යනුවෙන් කේ.තුරෙයිරාජසිංගම් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න