Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අනූෂා ලෝකඩ පදක්කම දිනා ගනී

|Wed,11 April 2018 14.55|Miscellaneous| Page Views : 14

අලුත් පුවත්
මැයි පළමු වන දා නිවාඩුව අවලංගු කරයි !
හැරි කුමරු සහ මේගාන් මාකල්ගේ රාජකීය විවාහ උත්සවය ලබන මස 19 වනදා
ඇමෙරිකාවේ හමුදා ක්‍රියාමාර්ගවලට රුසියාවේ විරෝධය
කැබිනට් සංශෝධනය හෙට
නොරොච්චෝලේ නවතී !
අවුරුදු සමයේ පැතිරෙන රෝගයක්!
බස් එක හැපිලා 16කට තුවාලයි
 
ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වෙන 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 45 - 48 බර පන්තියේ කාන්තා බොක්සිං ඉසව්ව යටතේ ශ්‍රී ලංකාවේ අනූෂා කොඩිතුවක්කු සහ ඉන්දියාවේ සුප්‍රකට බොක්සිං ක්‍රීඩිකා මේරි කොම් සමඟ අද (11) පැවති අවසන් පූර්ව වටයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට අනූෂා කොඩිතුවක්කු සමත් විය.

ඒ අනුව තරඟය ජයගන්නට මේරි කොම් සමත් වුණි.

අනූෂා කොඩිතුවක්කු ශ්‍රී ලංකාව වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං ඉසව්ව සඳහා පදක්කමක් දිනාගත් ප්‍රථම ක්‍රීඩිකාව වෙයි.

ඔලිම්පික් පදක්කම්ලාභී මේරි කොම් සමඟ අනූෂා 2016 වසරේ අවසන් වරට තරඟ කළ අතර, එහිදී ඇතිවූ ආබාධිත තත්ත්වයක් නිසා ඇයට වසරකට අධික කාලයක් බොක්සිං ක්‍රීඩාවෙන් ඉවත්වීමටයි සිදුවුණි.

එමෙන්ම 2014 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ද අනූෂා කොඩිතුවක්කුට අහිමිවූ අතර, ඒ ඇය එම තරඟයට පෙර රිය අනතුරකට ගොදුරු වීම හේතුවෙනි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න