නවාස් ෂරීෆ්ට ජිවිතාන්තය තෙක් දේශපාලන තහනම් වෙයි
|Sat, 14 April 2018 12:05|Miscellaneous| Page Views :
55
|
|
පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට ජිවිතාන්තය තෙක් දේශපාලන කටයුතුවල නිරතවිමට සුදුස්සෙක් නොවන බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 05 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් එම තීරණය ඒකමතිකව ප්‍රකාශයට පක් කර ඇති බවෙ විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
67 හැවිරිදි නවාස් ෂරීෆ්ට එල්ල වූ දුෂණ චෝදනා හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ඔහුට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්විමට සිදු වුණි.
ඊයේ(13) ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් අදහස් දක්වන රජය පවසන්නේ හිටපු අග්‍රාමාත්‍යවරයා පිළිබඳ තීරණය කිරිම අධිකරණය විසින් නොව පාර්ලිමේන්තුව විසින් කළ යුතු බවය.
|
|