Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මහා භාණ්ඩාගාරයේ තීරණය එනකල් CEYPETCO බලා සිටි

|Tue, 17 Apr 2018 09:15 |Miscellaneous| Page Views : 13

අලුත් පුවත්
අධිවේගයේ වැඩිම ආදායම – කෝටි තුනක්
පොදුරද මඩුලු බොක්සිං ශූරයින් යලි දිවයිනට
දින 44 කට පසු අනධ්‍යන සේවකයින් අද සිට යළි සේවයට
මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ අත්අඩංගුවට
බන්ධනාගාර නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු
2න් පස්සේ ගිඟුරුම් සහිත වැසි
 
ඉන්ධන මිළ ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණය තමන් ඉදිරිපත් කළ යෝජනාවලට මහා භාණ්ඩාගාරය දක්වන ප්‍රතිචාරය මත තීරණය වනු ඇතැයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ඉන්ධන මත පනවා ඇති බදු ඉවත්කරන ලෙස මහා භාණ්ඩාගාරයට සිය ආයතනය දැනටමත් යෝජනාවක් ඉදිරිපත්කර ඇති බවයි.

එලෙස බදු ඉවත්කළ හොත් ඉන්ධන මිළ ඉහළ නොදමා ජනතාව මත පැටවෙන බර අවමකිරීමේ හැකියාවක් පවතින බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවා. මීට සති කිහිපයකට පෙර ඉන්දියන් ඔයිල් සමාගම පෙට්ට්‍රල් සහ ඩීසල් මිළ ගණන් ඉහළ දැමුවා. ඒ සමගම ලංකා ඛන්ජතෙල් නීතිගත සංස්ථාවේ පිරවුම්හල් වලින් ඉන්ධන ලබාගැනීම සීස්‍ර ලෙස ඉහළ ගියා.

ඒ අනුව මෙරටට ඉන්ධන ඉල්ලූමෙන් සියයට 80ක් සපුරන්නේ ලංකා ඛනිජතෙල් සංස්ථාව මගින්. ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිළ ඉහළ දැමීමත් සමග ලංකා ඛන්ජතෙල් නීතිගත සංස්ථාව දිනකදී ලබන පාඩුව රුපියල් මිලියන 38 කින් පමණ ඉහළගොස් ඇති බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේ.

ලෝක වෙළදපොලේ ඉන්ධන ඉල්ලූම අනුව ක්‍රියාත්මකවන මිළ සූත්‍රයක් හඳුන්වා දීමට යෝජනා වී අත්තේ ඒ අනුවයි. කෙසේ වෙතත් එම මිළ සූත්‍රය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව් ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න