Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්දියාවට තර්ජනය කරන ශ්‍රී ලංකාව!

|Fri,20 April 2018 2018 14.57|Political| Page Views : 52

අලුත් පුවත්
විපක්‍ෂ නායකධූරයේ සිටීමෙන් ප්‍රයෝජනයක් නොමැත!
තුනුක්කායි පළාත් පාලන ආයතනයේ පාලන බලය පිහිටුවා ඇත
අර්ජුන මහේන්ද්‍රන්ට රතු නිවේදනයක්
හොරණ කළමණාකරු රක්ෂිත බන්ධනාගාරට !
වසන්ත උදානයේ අයිස් නිර්මාණ තරඟාවලිය !
අනියම් බිරියගේ වරලස කැපු කොස්තාපල්ට වැඩ වරදී
ගාල්ලට මුහුදෙන් වැඩි පිළිම වහන්සේ !
රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට !
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“කෝවලම් ප්‍රදේශයේ වෙළඳ වරායක් ඉදිකිරීමේ කටයුතු ශ්‍රී ලංකා රජය විසින් වළක්වා, ඉන්දියාවට තර්ජනය කරමින් සිටියි” යනුවෙන් පී.නෙඩුමාරන් ප්‍රකාශ කර ඇත.

ඉන්දියාවේ නාගර් කෝවිල්හි පැවති කන්‍යාකුමාරි සංවර්ධන ව්‍යාපාරයේ රැස්වීමට සහභාගිවී කතා කළ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. “ලෝකයේ ඉතා වැදගත් මුහුදු මාර්ගයක් ඉන්දීය සාගරයේ ඇත. චීනය සහ ජපානය වැනි රටවල් වෙත ගමන් කරන නෞකා එම මාර්ගය ඔස්සේ ගමන් කරනු ඇත. මෙම මුහුදු මාර්ගයේ කිසිඳු ප්‍රධාන වරායක් නොමැත.

ඉන්දියාවේ සිට බටහිර සහ නැගෙනහිර රටවලට භාණ්ඩ ප්‍රවාහනය කිරීමට නම්, කොළඹ හෝ සිංගප්පුරු වරායන් වෙත එම භාණ්ඩ කුඩා නෞකා මගින් යවා එහි සිට විශාල නෞකාවලට පටවා යැවිය යුතු තත්වයක් ඇත. මෙවැනි පසුබිමකදී, කෝවලම්හි සිට මනක්කුලි දක්වා ඇති ප්‍රදේශය මීටර් 20ක පමණ ගැඹුරකින් යුත් මුහුදු ප්‍රදේශයකි. ඒ හරහා අපගේ භාණ්ඩ කඩිනමින් විදේශීය රටවලට යැවීමට හැකිය. ජාත්‍යන්තර මුහුදු මාර්ගය ආසන්නයේ කෝවලම් ප්‍රදේශයේ වෙළඳ වරායක් ඉදිකිරීමට නියමිතය. නමුත්, එම වරාය ඉදිකිරීමට ඉඩනොදී, ශ්‍රී ලංකා රජය විසින් එය වළක්වමින් සිටියි.

ජවහල්ලාර් නේරු මහතා ඉන්දීය අගමැතිවරයා ලෙස සිටි කාලයේදී, එවකට ශ්‍රී ලංකාවේ සිටි අග්‍රාමාත්‍යවරයා, මෙම ප්‍රදේශයේ වරාය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වන ලදි. මෙම ප්‍රදේශයේ වරායක් ඉදිකළහොත්, කොළඹ වරායේ අදායම අඩුවන තත්වයක් උද්ගත වනු ඇතැයි යන්න සිතා එම වැඩපිළිවෙල කල්දමන ලදි.

එම වරාය ඉදිනොකළ යුතු බවට දැනටත් ශ්‍රී ලංකා රජය ඉන්දියාවට බලපෑම් කරමින් සිටියි. ඉන්දියාවට තර්ජනය කරන අන්දමින්, කොළඹ වරායේ පස්වන ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු චීනයට ලබාදෙන බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කරමින් සිටියි. ඒ ආකාරයෙන් චීනය වරායක් ඉදිකළහොත්, ඉන්දියාවට එය අනතුරුදායකය. කොළඹ වරායේ පස්වන ගොඩනැගිල්ල ඉදිකිරීමට ඉන්දියාවට අවසර ලබාදිය යුතු නම්, කන්‍යාකුමාරිහි වරායක් ඉදිනොකළ යුතු බවට ශ්‍රී ලංකා රජය ඉන්දීය රජයට බලපෑම් කරමින් සිටියි” යනුවෙන් පී.නෙඩුමාරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න