Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සහයෝගය ලබාදීමට සුදානම්

|Sat,21 April 2018 13.02|Political| Page Views :

පරිවර්තනය කලේ(ආදවන් නිව්ස් වෙබ් අඩවිය)

“දෙමළ ජනතා සංසදයේ සාමාජිකත්වය ලබා ඇති දේශපාලන පක්‍ෂවල ප්‍රතිපත්තිවලට එකඟව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් කටයුතු කළහොත්, අප ඔහුට සහයෝගය ලබාදෙන්නෙමු” යනුවෙන් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ප්‍රකාශ කර ඇත.

2018.04.19 වන දින යාපනයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වී කතා කළ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“නව සන්ධානයක් ආරම්භ කිරීමට නියමිත උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා, ප්‍රතිපත්තිවල ස්ථීරව සිටීනම්, ප්‍රතිපත්ති ඇති දේශපාලන පක්‍ෂ සමඟ ඒකාබද්ධ වී කටයුතු කළ යුතුය. ඒ අනුව, දෙමළ ජනතා සංසදයේ සාමාජිකත්වය ලබා ඇති ප්‍රජා සංවිධාන ඒකාබද්ධ කරගෙන කටයුතු කරන්නේ නම්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් සමඟ ඒකාබද්ධ වී කටයුතු කිරීමට දෙමළ ජාතික ජනතා පෙරමුණ වන අප සුදානමින් සිටින්නෙමු.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා නව සන්ධානයක් පිහිටුවා කටයුතු කරන්නේ නම්, ඔහු කුමන පාර්ශවයක් සමඟ ඒකාබද්ධ වෙනවාද? යන්න ඉතා වැදගත් කරුණකි. එබැවින්, ඔහු අනාගතයේදී කවුරුන් සමඟ ඒකාබද්ධ වී කටයුතු කළත්, දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉටුකිරීම සඳහා වන ස්ථාවරයේ ඉදිමින් කටයුතු කළ යුතුය” යනුවෙන් ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න