Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සිහිනය සැබෑ වෙයිද ?

|Mon,23 April 2018 11.33|Political| Page Views :

පරිවර්තනය කලේ(ආදවන් වෙබ් අඩවිය)

“දෙමළ ජාතික සන්ධානය ව්‍යවස්ථාවක් සකස් කලහොත් පමණක්, ඔවුන් සමග සන්ධානගතවී කටයුතු කිරීම සම්බන්ධයෙන් සිතාබැලීමට හැකිය” යනුවෙන් ඊපීආර්එල්එෆ් සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් 2018.04.22 වන දින ඔහු නිකුත් කර ඇති නිවේදනයේ මේ බව සඳහන් කර ඇත.

“දෙමළ ජාතික සන්ධානය සමග ඊපීආර්එල්එෆ් සංවිධානය සන්ධානගතවීමට කැමතිනම්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බව දෙමළ ජා‍තික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර තිබුණි.

විශේෂයෙන්, උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම දැනට සාර්ථක නොවන කරුණක් බවත් සුමන්දිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණි. එබැවින්, දෙමළ ජාතික සන්ධානයට ව්‍යවස්ථාවක් සකස් කිරීම තුලින් නිසි වගකීමක් බලාපොරොත්තු විය හැකිය.

මැතිවරණ කාලයේදී ලබාදුන් ජනවරම දෙමළ ජාතික සන්ධානය කුණු කූඩයට දමා ඇත. ඒ පිළිබඳව මා කිහිප අවස්ථාවකදීම අවධාරණය කලත්, දෙමළ ජාතික සන්ධානය ව්‍යවස්ථාවක් සකස් කිරීමට උත්සාහ කර නොමැත.

එබැවින්, අනාගතයේදී මෙම කරුණු 02ක සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය නිසි තීරණයක් ගතහොත් පමණක්, එම පක්‍ෂය සමග සන්ධානගතවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හැකිය” යනුවෙන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න