Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විපක්‍ෂය ලෙස කටයුතු කිරීමට නොහැකිය

|Tue,24 April 2018 09.53|Political| Page Views : 31

අලුත් පුවත්
තරුණ කණ්ඩායමේ සමුළුව මැයි මුල් සතියේදී !
සීනි කැකිරි ගොවීන්ට හොඳ කලක් !
හෙට සිට කාලගුණයේ වෙනසක් !
බේරුවල ජනයාට ඉඩම් ඔප්පු !
ශ්‍රී ලංකන් ගුවන් නියමුවෝ සේවයෙන් ඉවත්ව යති
ලංගම බස් රථය මගීන් සමග පෙරළෙයි
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට !
 
පරිවර්තනය කලේ(ලංකාවන් වෙබ් අඩවිය)

ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජිතයින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සම්පූර්ණයෙන්ම රජයෙන් ඉවත්වී, විපක්‍ෂයේ අසුන් ගතහොත් පමණක් දෙමළ ජාතික සන්ධානය සතුව ඇති විපක්‍ෂ නායකධූරය අහිමිවනු ඇත” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් ප්‍රකාශ කර ඇත.

ආර්.සම්බන්ධන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර, විපක්‍ෂ නායකධූරය දෙමළ ජාතික සන්ධානයෙන් උදුරාගැනීමට ඒකාබද්ධ විපක්‍ෂය සැළසුම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් තමිල්මිරර් වෙබ් අඩවිය විමසීමක් කල අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියළුදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් තේරීපත්වූ පුද්ගලයින්ය. ජාතික රජයේ හවුල්කාර පක්‍ෂයකට විපක්‍ෂය ලෙස කටයුතු කිරීමට නොහැකිය.

ඊලඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සම්පූර්ණයෙන්ම රජයෙන් ඉවත්වුවහොත් පමණක්, විපක්‍ෂ නායකධූරය ඔවුන්ට හිමිවනු ඇත” යනුවෙන් සෙල්වම් අඩෙයික්කලනාදන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න