Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කඩුගන්නාවේ සුද්දා විදපු ගල ඉරිතලයි

|Tue,24 April 2018 13.10|Special| Page Views : 99

අලුත් පුවත්
ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරය ඉහළ යයි
කුඩාමඩුවැල්ල ප්‍රදේශවාසීන් විරෝධතාවයක
මැයි 1 සිට ලයිසන් ගන්න අලුත් ක්‍රමයක්
ජනුසේගේ සේවය නැවතත් ක්‍රිකට් කණ්ඩායමට
ව්‍යාජ නෝට්ටු සමගින් 2ක් අත්අඩංගුවට
Pakistan Prime Minister seeks stronger defence ties with Sri Lanka
රජ පවුලට තවත් පුත් කුමරෙක්
 
ජනප්‍රිය මෙන්ම ඓතිහාසික ස්ථානයක් වන කඩුගන්නාව ගල් බිංගෙයි හදිසියේ පැල්මක් මතු වී තිබෙනවා.

මේ වන විට එම ස්ථානයෙන් රථවාහන ධාවනය තාවකාලිකව නවතා දමා ඇති අතර පිළියම් කරන තෙක් එම ස්ථානයට මුක්කු ගසා ආරක්ෂාව ලබා දීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

එම කලුගලේ ඇති වී තිබෙන පැල්මට අමතරව බිංගෙය යටින් ඇති බැම්මද පුපුරා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර මාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීම් සිදු කර තිබෙනවා.

කොළඹ නුවර ඒ 1 මාර්ගයේ මෙම ඓතිහාසික ගල් බිංගෙය උඩරට පිවිසුමේදී එහි සංඛේතවත් කෙරෙන ස්ථානයක් වනවා. 1828 සහ 1830 කාල වකවාණුවේදී මෙය නිර්මාණය කර ඇත්තේ කොළඹ නුවර මාර්ගය සංවර්ධනය කිරීමේදීයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න