Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානයක් !

|Wed,25 April 2018 09.09|Security| Page Views : 44

අලුත් පුවත්
හෙරෝයින් සමඟ සැකකරු මාට්ටු වෙයි !
ලෝක මැලේරියා දිනය අදයි
බන්ධනාගාර නියාමකවරුන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ…
ලෝටස් පාර තාවකාලිකව වැසෙයි !
කඩුගන්නාවේ සුද්දා විදපු ගල ඉරිතලයි
ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරය ඉහළ යයි
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානයක් කිරීමට ඊයේ (24) පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි කියා සිටියා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති නිල නිවසේදී ඊයේ රැස්වූ නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළේ පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමටයි.

එම කමිටුව ලබන මැයි මස 08 වෙනිදා හෝ 15 වෙනිදා අතර පත් කොට පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගනු ඇති බවයි මෙහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

එක්සත් ජාතික පක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් සන්ධාන ආණ්ඩුවේ රැදී සිටිනවාද යන්න ගැන මෙම කමිටුව මගින් අවසන් තීරණය ගැනීමට නියමිත බවයි මන්ත්‍රීවරයා මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ.

පසුගියදා රජයෙන් ඉවත්වූ තමන් ඇතුළු නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා ලබන මැයි මස 08 වනදායින් ආරම්භ වීමට නියමිත පාර්ලිමේන්තු නව සැසිවාරයේ සිට විපක්ෂයේ අසුන් ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය අවසරය ඊයේ ලබාදුන් බවද චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා කියා සිටියා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න