Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සාගර නෞකාව ඉන්දුනීසියාව බලා යයි

|Wed,25 April 2018 09.54|Security| Page Views : 25

අලුත් පුවත්
Change in weather expected from today
එජාපයේ ප්‍රතිසංවිධාන කටයුතු අවසන් එකඟාතාවන්ට !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානයක් !
හෙරෝයින් සමඟ සැකකරු මාට්ටු වෙයි !
ලෝක මැලේරියා දිනය අදයි
බන්ධනාගාර නියාමකවරුන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ…
ලෝටස් පාර තාවකාලිකව වැසෙයි !
 
බහුපාර්ශවික කොමෝඩෝ (Komodo 2018) නාවික අභ්‍යාසයට සහ 2018 අන්තර්ජාතික නෞකා පිරික්සුමට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාව ඊයේ (24) ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දුනීසියාව බලා පිටත් විය. මෙම නෞකාව වරායෙන් පිටත්වීම නාවික හමුදා සම්ප්‍රදායානුකූල චාරිත්‍ර මධ්‍යයේ සිදු කෙරුණි.

නෞකාවේ සමස්ථ කාර්යය මණ්ඩලය 192 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එයට නිලධාරීන් 20 දෙනෙකු සහ පුහුණු වන මධ්‍ය නිලධාරීන් 04 දෙනෙකු ද ඇතුළත් වේ.

එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරල් නිරාජ ආටිගල මහතා, ධජ නිලධාරී නාවික දියත් විධානය, කොමදෝරු ආනන්ද ගුරුගේ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වුහ. එහිදී, ආඥාපතිතුමන් විසින් නෞකාවේ අණදෙන නිලධාරීට සහ නැව් මුළුව වෙත සුභ පැතුම් එක් කරන ලද අතර, එම නෞකාව මැයි මස 04 වන දින ඉන්දුනීසියාවේ ලෙම්බාර් වරාය වෙත ලඟා වීමට නියමිතය.

මෙම බහුපාර්ශවික කොමෝඩෝ පුහුණු අභ්‍යාසය සහ 2018 අන්තර්ජාතික නෞකා පිරික්සුම මැයි මස 04 වන දින සිට 09 වන දින දක්වා ඉන්දුනීසියා‍වේ ලොම්බොක් දුපතේදී සිදු කිරීමට නියමිතය.

එහිදී සංස්කෘතික වැඩසටහන්, තාක්‍ෂණික ගුවන් කටයුතු පිළිබඳ වැඩසටහන්, සාගරික ප්‍රදර්ශන, ප්‍රජා ඉංජිනේරු ක්‍රියාකාරී ව්‍යාපෘති සහ ප්‍රජා වෛද්‍ය ක්‍රියාකාරී ව්‍යාපෘති, ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාස වැනි වැඩසටහන් 12 ක් මෙම බහුපාර්ශවික කොමෝඩෝ පුහුණු අභ්‍යාසය සඳහා ඇතුලත් වන අතර, රටවල් 43 ක නාවික හමුදාවන් එක්ව මෙම අභ්‍යාසය සිදු කිරීමට නියමිතය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න