Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රජයෙන් ඉල්ලීමක් කර ඇත!

|Wed,09 May 2018 12.05|Political| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

උතුරු පළාතට පත්කරන සිංහල නිලධාරීන්ට යාපනයේ සේවය කිරීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ආරධනා කර ඇත. ඒ ආකාරයෙන්, මන්නාරම දිස්ත්‍රික්කය ඇතුළු වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්වල අපගේ දෙමළ ජනතාව සේවය කළ යුතුය.

උතුරු පළාතේ සේවය කිරීමට අවශ්‍ය ප්‍රමාණයට නිලධාරීන් නොමැත. රජය තමන්ට සාර්ථකවීම සඳහා උතුරු පළාතේ සේවය කිරීමට සිංහල නිලධාරීන්ව පත්කර ඇත” යනුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

“වැඩ කටයුතු සඳහා උපාය මාර්ග ඇත. රජය සහ පළාත් පරිපාලනයේ සහයෝගයෙන් කටයුතු කිරීමට ව්‍යාපෘති ඇත. නමුත්, රජයට ඇති බලය පදනම් කරගෙන, ඇතැම් නිලධාරීන්ව පත්කරමින් සිටියි‍. එම නිළධාරීන්ට මෙහි තිබෙන ස්ථාන නොදන්වා, භාෂාමය ගැටළුව ඇත. උතුරු පළාතට අයත් නිලධාරින්ව පත්කරන ලෙස ඉල්ලීම් කළත්, එය ප්‍රතික්ෂේප කරමින් සිටියි. නමුත්, සමෘද්ධි නිලධාරීන්වරුන් පත්කිරීම පිළිබඳ මා නොදන්නෙමි. මෙය රජ‍ය තුල තිබෙන විශාල ගැටළුවකි. මේ සම්බන්ධයෙන් අප සමඟ සාකච්ඡා කර ගත යුතු තීරණයකි.

උදාහරණයක් වශයෙන්, වව්නියාව සහ මන්නාරම දිසාපතිවරුන් ලෙස සිංහල ජාතිකයින් පත්කර ඇත. දෙමළ ප්‍රදේශවල සිංහල නිලධාරීන්ව පත්කර, සිංහල ප්‍රදේශ වල දෙමළ නිලධරීන්ව පත්කරන බවට ප්‍රකාශ කළ යෝගේෂ්වරන්ව උතුරු මැද පළාතට පත්කර ඇත.

සිංහල නිලධාරීන්ව යාපනයට පත්නොකර, වව්නියාව, මුලතිව්, මන්නාරම දිස්ත්‍රිකවලට පතකරන්නේ ඇයි? යන්න ප්‍රශ්ණ නගා ඇත. එම නිලධාරීන් සිටිම තුලින් බොහෝ ජනාවාස ඉදිකිරීමේ කටයුතු සිදුකරමින් සිටියි. එම ප්‍රදේශවල දකුණු පළාතේ සිට පැමිණි පුද්ගලයින් ජනාවාස ඉදිකරමින් සිටියි.

දෙමළ ප්‍රදේශවල සිංහල නිලධාරින් සහ සිංහල ප්‍රදේශවල දෙමළ නිලධාරීන් පත්කරන බවට ප්‍රකාශ කරනවා නම්, එම සිංහල නිලධාරීන්ව යාපනයට පත්කරන ලෙස අරාධනා කරන්නෙමි. යාපනයේ රැඳී සිටි එම නිලධාරීන් තම සේවය ඉටුකළ යුතුය.

වව්නියාව, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවල ඔවුන්ගේ සේවය කිරීමට අවශ්‍යතාවයක් නොමැත. අදාළ දිස්ත්‍රික්කවල අපගේ දෙමළ ජනතාව තමන්ගේ රාජකාරිය ඉටුකළ යුතුය” යනුවෙන් සි.වි.‍විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න