Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඊපීආර්එල්එෆ් මැයි දින රැළිය

|Wed,09 May 2018 12.25|Political| Page Views : 28

අලුත් පුවත්
මත්ද්‍රව්‍ය අළෙවිසැල වසාදමන ලෙස උද්ඝෝෂණ පවත්වා ඇත
විශේෂ අධිකරණය පිහිටුවීමේ පනත අද පාර්ලිමේන්තුවට
රජයෙන් ඉල්ලීමක් කර ඇත!
ලඩියාගේ ගෝලයින් 3ක් මාට්ටු
වට්ටක්කා මිලදී ගැනීමට රජයෙන් මුදල්
බඩු එක්ක ඩුබායිවලින් ආපු කතක් රේගු බාරයට
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

ඊළාම් ජනතා විප්ලවාදී විමුක්ති පෙරමුණේ මැයි දින රැළිය 2018.05.07 වන දින මඩකලපුවේදී පවත්වා ඇත. ‘කම්කරුවන්ගේ ඉල්ලීම් ඉටුකරන්න’ යන මාතෘකාව යටතේ මෙම මැයි දින රැළිය මඩකලපුවේ වාවික්කරෙයි මාර්ගයේ පිහිටා ඇති ඊළාම් ජනතා විප්ලවාදී විමුක්ති පෙරමුණේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වා ඇත.

ඊළාම් ජනතා විප්ලවවාදි විමුක්ති පෙරමුණේ නියෝජ්‍ය නායක මෙන්ම හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ආර්.තුරෙයිරත්නම්ගේ නායකත්වයෙන් පැවැත්වූ මෙම රැළියට ඉලංගෙයි තමිලරසු පක්‍ෂයේ මහලේකම් මෙන්ම නැගෙනහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය කේ.තුරෙයිරාජසිංහම්, නැගෙනහිර පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති ප්‍රසන්නා ඉන්ද්‍රකුමාර්, ගොවි සංවිධානයේ නියෝජිතයින්, ධීවර සංගමයේ නියෝජිතයින්, පශු සම්පත් සංගම්වල නියෝජිතයින් , ග්‍රාමීය සංගම්වල නියෝජිතයින් සහ කාන්තා සංගම්වල නියෝජිතයින් ඇතුළු බොහෝ පිරිසක් සහභාගිවී ඇත.

ගොවියන්, ධීවරයින්, පශු සම්පත් නියෝජිතයින්, ගුරුවරුන්, පළාත් ආයතන කම්කරුවන්, රැකියා විරහිත උපාධිධාරීන්, ස්වේච්ජා සේවකයින්, පෙර පාසැල් ගුරුවරුන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට රජය විසින් ක්‍රියාමාර්ග ගත යුතුය යන්න මෙම මැය දින රැළියේදී ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව දැනගැනීමට ලැබී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න