Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සමඟ එක්වී ඇත!

|Fri,11 May 2018 12.20|Political| Page Views : 32

අලුත් පුවත්
වරදකරුවෙකු නොවන බවට ප්‍රකාශයක්!
ගංවතුරෙන් 70,000 කට බලපෑම්
යේමනයේ සාදා දිස්ත්‍රික්කයට ගුවන් ප්‍රහාර
තෙල් කුමාර වෙඩි කයි
වෑන් රියක් දුම්රියේ ගැටෙයි
කිලෝ එක හමාරකට අධික හෙරොයින් තොගයක් හමුවෙයි
කතා දෙකක් නෑ! මහේල තමයි හොඳම පුහුණුකරු
යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන 38 ක් වැස‍ෙයි
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සමඟ තමන් නැවත එක්වූ බව ඥාණමුත්තු ක්‍රිෂ්ණපිල්ලෙයි ප්‍රකාශ කර ඇත.

වෙල්ලිමලෙයි හෙවත් ඥාණමුත්තු ක්‍රිෂ්ණපිල්ලෙයි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ‘හිරු’ සළකුණින් 2001 වර්ෂයේදී මැතිවරණයට තරඟ කර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත්වී ඇත. පසුව, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකත්වය ලබා සිටි කාලයේදී, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ‘නිවස’ සලකුණින් පසුගිය නැගෙනහිර පළාත් සභා මැතිවරණයට තරඟ කර, දෙමළ ජාතික සන්ධානයේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරයෙතකු ලෙස තේරීපත්වූ ඔහු, නැගෙනහිර පළාත් සභාවේ පාලන කාලය අවසන්වීමෙන් පසු, ඔහු නියෝජනය කල ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණෙන් ඔහු ඉවත්වූ බවට තොරතුරු පලකර තිබුණි.

තමන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණෙන් ඉවත්වී තමිලරසු පක්‍ෂයට එක්වීම සඳහා වන අයදුම්පත ලබාදී තිබුණු බවත්, එය තමිලරසු පක්‍ෂය පිළිනොගත් බවත්, ඒ හේතුවෙන් තමන් කිසිදු පක්‍ෂයක් නියෝජනය නොකර, තනිව සිටි බවත් ඥාණමුත්තු කිහිප අවස්ථාවකදීම මාධ්‍යට ප්‍රකාශ කර තිබුණි.

මෙවැනි පසුබිමකදී, නැවතත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සමඟ එක්වී ඇති බවත්, පැවැත්වීමට නියමිත නැගෙනහිර පළාත් සභා මැතිවරණයට ‘හිරු’ සළකුණින් තරඟ කිරීමට නියමිත බවත් ප්‍රකාශ කර, ඔහු නැගෙනහිර පළාතේ ග්‍රාමයන්හි සිටින තම ආධාරකරුවන් හමුවී සාකච්ඡා කරමින් සිටින බවටත් ආරංචි මාර්ග සඳහන් කර ඇත.

මෙවැනි පසුබිමකදී, මාධ්‍යවේදියෙකු ඥාණමුත්තු ක්‍රිෂ්ණපිල්ලෙයිගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කල අවස්ථාවේදී, “මා නැවතත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සමඟ එක්වූයෙමි. පැවැත්වීමට නියමිත නැගෙනහිර පළාත් සභා මැතිවරණයට එම පක්‍ෂයෙන් තරඟ කරන්නෙමි. මටම කියා මඩකලපුව දිස්ත්‍රික්කයේ විශාල ජන බලයක් ඇත. එබැවින්, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් මා දෙමළ ජනතාව වෙනුවෙන් අඛණ්ඩව හඬ නගන්නෙමි” යනුවෙන් ඥාණමුත්තු ක්‍රිෂ්ණපිල්ලෙයි ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න