Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අයිතීන් යටපත් කිරීමට නොහැකිය

|Sat,12 May 2018 12.50|Political| Page Views : 24

අලුත් පුවත්
රාජ්‍ය සංචාරයකට ජනපති ඉරානයට
දිස්ත්‍රික්ක 6කට නාය අවදානම්
පොලිස් නිලධාරීන් 22කට ස්ථාන මාරු !
රණවිරුවන්ගේ කරමතින් පක්ෂ දේශපාලනය කරන්න එපා
පියා සහ දියණිය අත්අඩංගුවට !
පොලොන්නරුවෙන් ලෝකඩ බුද්ධ ප්‍රථිමාවක්
වෙරළේ කඩා ඉවත් කරන වෙළඳසැලක ගින්නක්
පොහොර වැඩි මිලට දුන්නොත් බලපත්‍ර අහෝසියි
 
පරිවර්තනය කලේ(ආදවන් නිව්ස් වෙබ් අඩවිය)

“දෙමළ ජනතාව සඳහා වන දේශපාලනය, ආර්ථිකය සහ සංස්කෘතික අයිතීන් කිසිවෙකුටත් යටපත් කළ නොහැකිය” යනුවෙන් විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කල රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ විවාදය 2018.05.10 වන දින පවත්වා ඇත. එයට සහභාගිවී කතා කල අවස්ථාවේදී විපක්‍ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“සුළු දේශපාලන වාසි වෙනුවෙනුත්, දේශපාලන පැවැත්ම රඳාපවත්වා ගැනීම සඳහාත්, උතුරු නැගෙනහිර ගැටළුව අඛණ්ඩව පැවැතිය යුතු බවට ඇතැම් පුද්ගලයින් කැමැත්තක් දක්වමින් සිටියි. නොබෙදුණු රටක් තුල සියළු ජාතීන්ට සම අයිතීන් සමඟ ජීවත්වීමට හැකි අන්දමින් විසඳුමක් දැකිය යුතු බව අපගේ කැමැත්ත වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා අයිතීන් තහවුරු කළ යුතුය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ අරමුණින් පිහිටවූ ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු පසුගිය දින කිහිපයේ සිට නතර කර ඇත. මැතිවරණය, පක්‍ෂ මාරුකිරීම් ඇතුළු කරුණු‍ හේතුවෙන්, ඒවා නතර කර ඇත. නමුත්, පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් යෝජනාවට අනුව එහි කටයුතු නැවත ආරම්භ කළ යුතුය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ 2015 වර්ෂයේ ජනාධිපතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකශනයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කළයුතු බව සඳහන් කර ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුවේදී 2/3 ක බහුතර බලයකින් සම්මත කර ගතයුතු අතර, ජනමත විචාරණයකටද එය යොමුකළ යුතු බව ඔහුගේ ස්ථාවරය වී තිබුණි.

ඒ හේතුවෙන්, ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජිතයින්ට මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන‍ය කිරීමේ කටයුතුවලට විරුද්ධවීමට නොහැකි වී ඇත. එම ස්ථාවරයේම අපද සිටින්නෙමු. පසුගිය වසර 30ක කාලයක සිට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට උත්සාහ කරමින් සිටියි.

නොබෙදුණු, බෙදීමට නොහැකි රටක් තුල දෙමළ ජනතාවටත්, සම අයිතීන් සමඟ ජීවත්වීමට හැකි අන්දමේ විසඳුමක් අප බලාපොරොත්තු වෙන්නෙමු. එය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ලබාදිය යුතුය. එය කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකිය.

අනෙකුත් රටවල් දියුණුවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාල සහයෝගයක් ලබාදුන් ආකාරයෙන් අපගේ රටටත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවයකි” යනුවෙන් ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න