Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජාතික නීති සතියේදී නොමිලේ නීති උපදෙස්

|Thu,17 May 2018 09.36|Security| Page Views :

ජාතික නීති සතියේදී නොමිලේ නීති උපදෙස් ලබා දීම සඳහා නීති ගැටලූ ඇති තැනැත්තන් ලියාපදිංචි කිරීම තවදුරටත් සිදු කෙරෙනවා. මේ, ඒ පිිළිබඳ කරුණු දක්වන ශී‍්‍ර ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා.

ජාතික නීති සතියේදි නොමිලේ නීති උපදෙස් ලබා ගැනීම සඳහා ලියාපදිංචි විමට ඔබ කථා කළ යුතු දුරකථන අංකය වන්නේ 0777 23 53 63.

මීට අමතරව නීති ගැටලූ ලිඛිතව දැනුම් දීමෙන්ද ජාතික නීති සතියේදි නොමිලේ නීති උපදෙස් ලබා ගත හැකි බවයි මෙහිදී සිහිපත් කෙරුණේ. ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා කියා සිටියේ අද හෝ හෙට දිනයන් හිදී ලිඛිතව තමන්ගේ නිති ගැටළු පිළිබඳව සභාපති, නීති සතිය, ශී‍්‍ර ලංකා නීතීඥ සංගමය, කොළඹ 12 යන ලිපිනයට යොමු කරන ලෙසයි.

ජාතික නීති සතිය ලබන 21වනදා සිට 27 වනදා දක්වා යෙදී තිබෙනවා. නොමිලේ නීති උපදෙස් ලබා දෙන නීති සායන 26 සහ 27 යන දින දෙකේදී පැවැත්වීමට නියමිතයි. නෙත් එෆ් එම් රේඩියෝව මේ සඳහා මාධ්‍ය ශක්තිය ලබා දෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න