Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උඩවලව සහ කලාඔයේ වාන් දොරටු විවෘත කෙරේ

|Thu,17 May 2018 10.13|Security| Page Views : 96

අලුත් පුවත්
ජාතික නීති සතියේදී නොමිලේ නීති උපදෙස්

ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානය විවෘත වෙයි !
වීරසිංහට ජනාධිපති උපදේශක තනතුරක් !
රාමසාන් උපවාසය සිකුරාදා ඇරඹෙයි
උතුරු කොරියාවේ කෝපයට අමෙරිකාවෙන් පිළිතුරු
ආගමන විගමන නිලධාරීන් අකුරට වැඩ
රටපුරා වෛද්‍යවරු අද වැඩ වරති
 
උඩවලව ජලාශයේ සහ කලාඔයේ වාන් දොරටු විවෘත කර තිබෙනවා. ආශී‍්‍රත ප‍්‍රදේශවල ජිවත්වන්නන් ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

උඩවලව ජලාශයේ වාන්දොරටු 05 ක් විවෘත කර තිබෙන බවත් මේ හේතුවෙන් හම්බන්තොට, අම්බලන්තොට, මොණරාගල ප්‍රදේශවල සිටින ජනතාව අවධානයෙන් සිටින මෙන් දැනුම් දෙන බවත් ඊට අමතරව කලාඔය ජලාශයේ වාන්දොරටු 02 ක් විවෘත කර තිබෙන බවත් අනුරාධපුර හා පුත්තලම දිස්ත්‍රික්කවල ජනතාවට ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මෙහිදී කියා සිටියේ.

මේ අතර රට පුරා ප‍්‍රදේශ බොහෝමයකට හා රටවටා බොහෝ මුහුදු ප්‍රදේශවලට අදත් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර වර්ධනය වෙමින් තිබෙන වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා ඇතිවිය හැකි ආපදාවලට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානමින් සිටිනවා. අද සිට දෙසතියක් ඒ සඳහා විශේෂ පෙරහුරුද සිදු කෙරෙනු ඇති. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වුවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න