Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් නිසා වැසි වැඩි වෙයි

|Thu,17 May 2018 14.32|Security| Page Views : 16

අලුත් පුවත්
පැය 3කට කලින් ගුවන් තොටුපලට යා යුතුයි
අකුණුසැර වැදී සුරියපුරදී අයෙකු මරුට
ජාවාරම්කරුවෙක් බන්ධනාගාර නිලධාරීන්ගෙන් පළායයි
මොරගහකන්දෙන් දියවර නිකුත් කිරීම උත්සවත්ශ්‍රියෙන්
උඩවලව සහ කලාඔයේ වාන් දොරටු විවෘත කෙරේ
ජාතික නීති සතියේදී නොමිලේ නීති උපදෙස්

ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානය විවෘත වෙයි !
 
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින අතර වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ බොහෝ පළාත්වල, විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර බස්නාහිර සහ දකුණු පළාත්වලත් රත්නපුර, මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති වේ.

ඇතැම් ස්ථානවලට, විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, අම්පාර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් මි.මී.100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි නිසා ඒ පිළිබඳව අවදියෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න