Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

එළුවන් ප්‍රවාහනය කළ රියදුරු කොටු වෙයි

|Thu,17 May 2018 15.15|Security| Page Views :

නීති විරෝධීව එළුවන් 61 දෙනෙකු රැගත් ලොරි රථයක් ධාවනය වෙමින් තිබියදී වවුනියාව නොච්චිමොට්ටෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලීසිය කියා සිටියා.

කිලිනොච්චියේ සිට අදාල ලොරි රථය එළුවන් සමග අනවසරයෙන් ධාවනය කොට ඇති අතර වව්නියාව නොච්චිමොට්ටෙයි ප්‍රදේශයේදී මුර සේවයේ යෙදුනු පොලිස් නිලධාරීන් පිරිසකට අදාළ ලොරි රථය පිළිබඳ සැක සිතී ලොරි රථට පරික්ෂා කිරීමේදී මෙම එළුවන් නීති විරෝධීව රැගෙන යන බවට අනාවරණය වීමෙන් අදාළ ලොරි රථය සමග රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රියදුරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රියදුරු විසින් තමන් නිදහස් කර හරින ලෙසටත් ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට රුපියල් දෙදහසක අල්ලසක් ලබාදීමටද සැරසෙන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ එළුවන් මරණය සඳහා මෙසේ අනවසරයෙන් රැගෙන ගොස් ඇති බවට පොලිස් නිලධාරීන් සැක පල කර සිටින අතරම අත්අඩංගුවට ගත් රියදුරු වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න