Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ස්වයං රැකියා කර්මාන්ත ශාලාවක්

|Tue,22 May 2018 14.24|Miscellaneous| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

යාපනය කෝපායි උතුර ඉලකඩි ප්‍රදේශයේ දැවැන්ත ස්වයං රැකියා කර්මාන්ත ශාලාවක් 2018.05.20 වන දින විවෘත කර ඇත. අයිබීසි දෙමළ සේවයේ අනුග්‍රහයෙන් ඉදිකළ මෙම කර්මාන්ත ශාලාවේ ප්‍රථම අදියර යටතේ පුද්ගල‍යින් 30 දෙනෙකු රැකියා අවස්ථා ලබාගෙන ඇති අතර, මාස 03ක කාලයක් තුලදී, පුද්ගලයින් 100 දෙනෙකුට රැකියා අවස්ථා ලබාදීමට නියමිත බව අයිබිසි දෙමළ සේවය නිවේදනය කර ඇත.

නවීන උපකරණවලින් සමන්විත මෙම කර්මාන්ත ශාලාවේ චිත්‍ර, මහන මැෂින්, අත්කම් නිර්මාණ යනාදිය නිෂ්පාදනය කෙරේ.

එහිදි අදහස් දැක්වූ අයිබීසී දෙමළ ආයතනයේ සභාපති කන්දයියා බාස්කරන්, “තවමත් යුද්ධය අවසන් වී නොමැත. රැකියා සඳහා වන යුද්ධය අඛණ්ඩව සිදුකරමින් සිටියි.

දෙමළ ජනතාවගේ මාතෘභූමිය වන උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි ස්වයං රැකියා කර්මාන්ත ශාලා ඉදිකිරීම තුලින් රැකියා අවස්ථා ලබාදීමට හැකිය. මේ හේතුවෙන්, ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත්වන ජනතාවගේ ආර්ථිකය ගොඩනැගීමට හැකිය” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

උතුරු පළාත් ස්වයං රැකියා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ශ්‍රීමෝහන්, වලිගාමම් නැගෙනහිර ප්‍රාදේශීය ලේකම්, ව්‍යාපාරකයින්, විදුහල්පති සහ ජනතාව ඇතුළු විශාල පිරිසක් මෙම වැඩසටහනට සහභාගි වී ඇත. මෙය උතුරු පළාතේ ප්‍රථම ස්වයං රැකියා කර්මාන්ත ශාලාව බව සඳහන් කළ යුතුය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න