Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් සමග සාකච්ඡාවක්!

|Thu,31 May 2018 13.06|Political| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිට ඉවත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ආර්.සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් යුත් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හමුවී සාකච්ඡා කරමින් සිටින බවට පුවත් පලකර ඇත.

මෑතකදී, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 16 දෙනෙකු ඉවත්විය. මේ හේතුවෙන්, රජය තුල අර්බුධකාරී තත්වයක් ඇතිවී තිබුණත්, රජය ඒ සම්බන්ධයෙන් විශාල වශයෙන් කතාබහට ලක්කර නොමැත.

නමුත්, ඔවුන් මහින්ද රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්‍ෂය සමඟ ඒකාබද්ධ වී, රජයට බලපෑම් එල්ල කරනු ඇතැයි යන්න බලාපොරොත්තු විය හැකිය.

මෙවැනි පසුබිමකදී, 2018.05.30 වන දින අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 16 දෙනා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අතර සාකච්ඡාවක් පවත්වා ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය අංශය තහවුරු කර ඇත.

විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් යුත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා ඇතුළු කණ්ඩායමක් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇති අතර, වත්මන් දේශපාලන වතාවරණය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇති බව දෙමළ ජාතික සන්ධානයේ ආරංචි මාර්ග සඳහන් කර ඇත.

ඒ අතරම, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ සහ ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජික පක්‍ෂවල නායකයින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවට තොරතුරු අනාවරණය වී ඇත.

එහිදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර, දෙමළ ජාතික සන්ධානය සමඟ පවත්වන සාකච්ඡාවලදීද, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇතැයි යන්න බලාපො‍රොත්තු විය හැකිය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න