Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව විරෝධතා පෙළපාලියක්

|Fri,01 June 2018 14.30|Political| Page Views : 60

අලුත් පුවත්
ප්ලොට් සංවිධානය දෙකඩ වේ
දුම්රිය මාර්ගයේ මියගොස් සිටි පුද්ගලයා හඳුනා ගනියි
ධනංජය සිල්වාගේ පියා ඝාතනයට පාතාල දෙදෙනෙකු අත්අඩංගුවට
අගුණුකොළපැලැස්ස ඝාතනයේ සුල මුල මෙන්න
ජීවිත 4ක් මහ මග නවතී
ජනාධිපති ප්‍රධානත්වයෙන් මහවැලි ඉඩම් ඔප්පු බෙදා දෙයි
කැලණිය හා ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජලය නැහැ
තිසර පෙරේරා ලෝක පිලේ නම්බුව බේරාගනී
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

වව්නියව කෘෂිකර්ම නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයාව ස්ථාන මාරුකිරීම හෙළා දකිමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ට සහ කෘෂිකර්ම අමාත්‍යවරයාට එරෙහිව ලංකා ගුරු සංගමය ඇතුළු ප්‍රජා සංවිධාන ඒකාබද්ධ වී 2018.05.30 වන දින විරෝධතා පෙළපාලියක් පවත්වා ඇත.

වව්නියාව කෘෂිකර්ම නියෝජ්‍ය අධ්‍යක්‍ෂකවරයා ලෙස කටයුතු කළ යෝගේෂ්වරන් එම ධුරයේ වැඩභාරගෙන වසර 2 ½ ක කාලයක් තුලදී, ඔහුව ස්ථාන මාරුකිරීම හෙළා දකිමිනුත්, වව්නියාවේ ආරම්භ කළ උණ පැල රෝපණය කිරීමේ වැඩපිළිවෙල හේතුවෙන්, භුගත ජලය එයට උරාගන්නා බව ප්‍රකාශ කරමිනුත් එම විරෝධතා පෙළපාලිය පවත්වා ඇත.

ලංකා ගුරු සංගමයේ නියෝජිතයින්, සමාජ සාධාරණත්වය සඳහා වන මහජන ව්‍යාපරය, ලංකා ජාතික ප්‍රජා‍ සේවක සංගමය යනාදියේ නියෝජිතයින් මෙම උද්ඝෝෂණයට සහභාගි වී ඇත.

වව්නියාව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂකවාරයාගේ කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ කළ මෙම විරෝධතා පෙළපාලිය යාපනය මාර්ගයේ පිහිටි ‘අම්මාච්චි’ හෝටලය අසළින් අවසන් කර ඇත.

එහිදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සහ කෘෂිකර්ම අමාත්‍යවරයාට එරෙහිව හඬ නගා ඇති අතර, ඔවුන් දෙදෙනාව හෑල්ලුවට ලක්කරන අන්දමින් විදී නාට්‍යයක් පවත්වා ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න