Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වැඩියෙන් ගෙවන්න ඉල්ලා තවත් කැබිනට් සංදේශයක්

|Wed, 13 Jun 2018 08:40|Security| Page Views : 15

අලුත් පුවත්
කිරිවෙහෙරේ විහාරාධිපති හිමියන්ට වෙඩි ප්‍රහාරයක්
නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් ලදී
ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අදයි
මන්ත්‍රීවරු ජනාධිපති ලේකම් කාර්යාලයට
විශේෂඥ වෛද්‍යවරු ඉවත් වෙන්න තීරණය කරයි
අද රෑ සිට භූමිතෙල් ලීටරයක් රුපියල් 31 කින් පහලට
හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට !
ප්‍රදේශ රැසකට යළිත් විදුලිය !
 
රජයේ පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ශ්‍රි ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ටත් රුපියල් 30,000 සිට 50,000 දක්වා වන මාසික විශේෂ දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඇත.

එම කැබිනට් සංදේශය පිළිබඳව අධ්‍යනය කිරීම අද (12) පැවති කැබිනට් රැස්වීමේදී ඇමති කමිටුවකට පවරා තිබේ.

රජයේ සේවයේ ශ්‍රේනි ගණනාවකටම විශේෂ දීමනා ලබාදී ඇති බැවින් තමන්ටද විශේෂ දීමනා ලබාදී ඇති බැවින් තමන්ටද විශේෂ දීමනාවක් ගෙවන ලෙස ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා අදාළ යෝජනාව ඇමති මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.

ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය හා සමාන්තර සේවා 13ක් තිබෙන බැවින් එම යෝජනාවන් සම්බන්ධයෙන් සොයා බැලීමද කැබිනට් මණ්ඩලය කමිටුවකට පවරා ඇත.

ශ්‍රි ලංකා පරිපාලන සේවයේ තුන්වන ශේණියේ නිලධාරියෙකුට රුපියල් 30 000 ද , දෙවන ශ්‍රේණියේ නිලධාරියෙකුට රුපියල් 40,000ක්ද පළමු ශ්‍රේණියේ නිලධාරියකුට රුපියල් 50,000ක් ද විශේෂ දීමනාවක් මාසිකව ගෙවීම සඳහා අනුමැතිය ඉල්ලා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමකදී අදහස් දැක්වු ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමයේ සභහපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මෙම විශේෂ දීමනාව ලබාදීම තවදුරටත් ප්‍රමාද කිරීමට විරෝධය පළකරමින් පරිපාලන සේවයේ නිලධාරීන් බ්‍රහස්පතින්දා (14) දිනයේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිෙ විරෝධතාවයක යෙදීමට තීරණය කර ඇතැයි කීවේය.

කමිටු ගණනාවක් සමඟ පැවැති සාකච්ඡා වට ගණනාවකින් පසුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව තව දුරටත් කමිටුවලට පවරා කල් දැමීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද ඔහු කීවේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න