Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දේශපාලන පක්‍ෂ බිහිවීමට ඉඩ නොතිබුණි

|Fri,29 June 2018 13.08|Political| Page Views : 36

අලුත් පුවත්
තෙල් මිල යාවත්කාලීන කිරීමට කමිටුවක් !
Missing tusker ‘Deegadanthu’ found at Pallekele reserve
Phone recordings submitted to Bond Commission altered by PTL
වියලි කාලගුණයෙන් දිස්ත්‍රික්ක හතකට බලපෑම්
ජූලි මාසය වන විට එළවලු මිල සාමාන්‍ය අතට
මීගමුවේදී ලොරියක් දුම්රියේ ගැටී අනතුරක්
පුත්තලමේ වන අලි ප්‍රහාරයෙන් කාන්තාවක් මරුට
වාලම්පුරියක් සමග 7 ක් අත්අඩංගුවට
 
පරිවර්තනය කලේ(ටැමිල්වන් වෙබ් අඩවිය)

“පෞරුෂත්වයක් ඇති නායකයින් මෙරට පාලනය කර තිබුණානම්, තමිලරසු පක්‍ෂය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වැනි සුළු ජාතික දේශපාලන පක්‍ෂ බිහිවීමට ඉඩ නොතිබුණි” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එන්.ශ්‍රීනේෂන් ප්‍රකාශ කර ඇත.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳ මහජන සාකච්ඡාවක් සහ මඩකලපුවේ ක්‍රියාත්මක වන ප්‍රජා සංවිධාන, සිවිල් සංවිධාන සහ සමාජ ක්‍රියාධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන 2018.06.26 වන දින මඩකලපුවේදී පවත්වා ඇත.

මඩකලපුවේ සතුරු‍කොන්ඩාන්හි පිහිටි සර්වෝදය ආයතනයේ පැවති අදාළ වැඩසටහනට සහභාගි වී කතා කළ අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“මෙරටේ විවිධ ජාතීන්ව පාලනය කළහැකි, එම ජනතාවගේ අඩුපාඩුකම් පිළිබඳව සිතා සමානාත්මක අන්දමින් දේශපාලනය කිරීමට හැකි නායකයින් මෙරටේ සිටියාද? සිටිනවාද? යන පැනය අප තුල ඇත. පසුගිය කාලයේ බලයට පැමිණි සිංහල නායකයින් අතරින් දේශපාලන පෞරුෂත්වය දෙස බලන විටදී, මහජාතික ජනතාවගේ ඡන්ද ආරක්‍ෂා කරගැනීම සහ මහජාතික ජනතාව තෘප්තිමත් කළ යුතුය යන සිතුවිල්ල පමණක් ඔවුන් තුල තිබී ඇත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ මෛත්‍රීපාල සිරිසේන සුළු ජාතික ජනතාවගේ දැඩි බලාපොරොත්තු මත ඔවුන්ගේ සහයෝගය ඇතිව බලයට පැමිණි පුද්ගලයින්ය. ඔවුන් තුල වසර 1½ ක කාලයක පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ තමන්ව තෝරාපත් කරගත් ජනතාව පිළිබඳව මතක තිබෙනු ඇත. පසුව එම මතකය අමතක වනු ඇත. ඉන් අනතුරුව, මහාජාතික ජනතාවගේ ඡන්දවලට අනුව කටයුතු කරන ලදි.

මෑතකදී, ඥාණසාර හිමිව අත් අඩංගුවට ගෙන මාස 06ක කාලයක් බන්ධනාගාර ගතකළ අවස්ථාවේදී, සිදුවන්නේ කුමක්ද? යන්න අප බලා සිටියෙමු. අප බලාපො‍රොත්තු වූ දේ සිදුවිය. නීතියේ ආධිපත්‍ය ඇති පාලනයක් මෙරටේ සිදුවනවාද? නීතිය ඉදිරියේ සියළුදෙනා එක හා සමානද? යන පැනය අප තුල මතුවී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න