Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නැවතත් අමාත්‍යධූරයට!

|Sat,30 June 2018 13.57|Political| Page Views : 48

අලුත් පුවත්
තමිලරසු පක්‍ෂය ප්‍රතිසංවිධානය කරයි
තේ හෝ කෑම පැකට්ටුවක මිල අඩුවන ලකුණු
හමුදාවේ 39ක් උසස්වීම් ලබයි
රට තුළ ඉන්ධන හිඟයක් නැහැ
නැගෙනහිරට සහ ඌවට ගිඟුරුම් සහිත වැසී
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මීල පහත දැමේ
A/L සරසවි ප්‍රවේශයේ වෙනසක්
දේශපාලන පක්‍ෂ බිහිවීමට ඉඩ නොතිබුණි
 
පරිවර්තනය කලේ(පදිවු වෙබ් අඩවිය)

උතුරු පළාතේ ප්‍රවාහන හා ධීවර කටයුතු අමාත්‍යවරයා ලෙස පී.ඩෙනීෂ්වරන් තවදුරටත් කටයුතු කරනු ඇති බව අභියාචනා අධිකරණය තාවකාලික තීන්දුවක් ලබාදී ඇත.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් විසින් පී.ඩෙනීෂ්වරන්ව අමාත්‍යධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් 2018.06.29 වන දින අභියාචනා අධිකරණයේදී පැවැත්වූ නඩු විභාගයේදී, නැවතත් පී.ඩෙනීෂ්වරන්ට අදාළ අමාත්‍යධූරයේ කටයුතු කිරීමට කිසිඳු බාධාවක් නොමැති බව පෙන්වාදී ඇත.

මෙම තීන්දුවෙන් අනතුරුව අදහස් දැක්වූ පී.ඩෙනීෂ්වරන්, “මාගේ උත්සාහය අසාධාරණයට එරෙහි එකක් වේ. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අත්තනෝමතිකව ගත් මෙම උත්සාහය පරාජය කර ඇත. ඒ අනුව, මහජන සේවය අඛණ්ඩව සිදුකිරීමට මාහට නැවතත් අවස්ථාව ලැබී ඇත.

පසුගිය කාලයේ ජාති ආගම් භේද අමතක කර, මා කටයුතු කළෙමි. එය සියළුදෙනා දන්නා කරුණකි. 2018.07.09 වන දින ආණ්ඩුකාරවරයා, ප්‍රධාන ලේකම් සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට ගරු අධිකරණය නියෝගයක් නිකුත් කරනු ඇත. එනම්, මාව නැවතත් අමාත්‍යධූරයට පත්කළ යුතු බව අධිකරණය නියෝග කරනු ඇත.

ඒ අතරම, මාගේ අමාත්‍යංශය උදුරාගෙන සිටින උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා, ආනන්දි ශෂිදරන් සහ ශ්‍රීවනේෂන් යනාදීන් ඔවුන්ගේ තනතුරුවලින් ඉවත්වීම යහපත් වනු ඇත. වත්මන් යහපාලන රජය තුල මාහට යුක්තිය ලැබී තිබීම සම්බන්ධයෙන් සතුටු වන්නෙමි” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න