Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සුළු ජාතික ජනතාවට හානියක් නොමැත

|Wed,11 July 2018 10.35|Political| Page Views : 21

අලුත් පුවත්
නිසි විසඳුමක් ලබාදීමට කටයුතු කළ යුතුය
විජයකලාගේ ප්‍රකාශය වරදකි
ඒකාබද්ධ විපක්ෂයේ නම වෙනස් වෙයි
ලොරිය ප්‍රපාතයේ රියදුරා පනී
යුද්ධ හමුදාපතිට සේවා දිගුවක්
ලෝක ජනගහන දිනය අදයි
පැ.කි.මී. 50-60 දක්වා තද සුළං
 
පරිවර්තනය කලේ(සන්කදි 24 වෙබ් අඩවිය)

“නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට ඡන්දය ලබාදී 2/3ක බහුතර කැමැත්තක් දැක්වූ පුද්ගලයින් අද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් කරුණුවලට විරෝධය දක්වමින් සිටියි. එය විහිළු සහගත කරුණකි” යනුවෙන් අමාත්‍ය ෆයිසර් මුස්තාපා ප්‍රකාශ කර ඇත.

ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වී අදහස් දැක්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“පළාත් සභා මැතිවරණය 2018 වර්ෂයේ පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇත. නමුත්, ආරම්භයේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට ජන්දය ලබාදී 2/3 බහුතර කැමැත්තක් දැක්වූ පුද්ගලයින් අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් කරුණුවලට විරෝධය දක්වමින් සිටියි.

එය විහිළු සහගත කරුණකි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හේතුවෙන් සුළු ජාතික ජනතාවට විශේෂයෙන්, මුස්ලිම් ජනතාවට කිසිඳු හානියක් සිදුකිරීමට නොහැකිය. මැතිවරණය කල්දැමීම හේතුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට හානියක් සිදුකරන අන්දමින් පැරණි ක්‍රමය කිසිඳු අවස්ථාවකදී පිළිගැනීමට නොහැකිය.

එබැවින්, පළාත් සභා මැතිවරණයට සුළු ජාතික ජනතාව හේතුවක් බවට පෙන්වා, ඇතැම් පුද්ගලයින්ට දේශපාලන වාසි වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිපත්තියෙන් බැහැරවීමට සහයෝගය ලබාදීමට නොහැකිය. නව මැතිවරණ ක්‍රමය සංශෝධනය කර, පළාත් සභා මැතිවරණය මෙම වර්ෂය තුල පැවැත්වීමට හැකිය” යනුවෙන් අමාත්‍ය ෆයිසාර් මුස්තාපා ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න