Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලෝකාන්තයට කෙටි මඟක්

|Wed,11 July 2018 14.18|Special| Page Views : 155

අලුත් පුවත්
රංගන හේරත්ගෙන් සමුගැනිම ගැන ප්‍රකාශයක් නිකුත් වෙයි
උදේඝෝෂණයක් නිසා ලෝටස් පාර වැසෙයි
සුළු ජාතික ජනතාවට හානියක් නොමැත
නිසි විසඳුමක් ලබාදීමට කටයුතු කළ යුතුය
විජයකලාගේ ප්‍රකාශය වරදකි
ඒකාබද්ධ විපක්ෂයේ නම වෙනස් වෙයි
ලොරිය ප්‍රපාතයේ රියදුරා පනී
 
දෙස් විදෙස් සංචාරකයින්ගේ දැඩි ආකර්ශණයට ලක් වු ලෝකාන්තය නැරඹීම සඳහා යාමට ඉතාම කෙටි මාර්ගයක් බලංගොඩ සිට නම්පෙරියල් වතුයාය හරහා වැටී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

එය නීත්‍යානූකුල ලෙස පවත්වාගෙන ගොස් මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම ප්‍රදේශවල ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

සුදු අධිරාජ්‍යවාදීන් මෙරට වතු පාලන කරන සමයේ ස්ථාපිත කරන ලද බලංගොඩ සිට නම්පෙරියල් වතුයාය හරහා ලෝකාන්තය දක්වා දිවෙන මෙම මාර්ගය අදටත් භාවිත කළ හැකි තත්වයේ පවතියි.

මේ මාර්ගය හරහා ලෝකාන්තය නැරඹීමට යන ඔනෑම සංචාරකයෙකුට ඇවිද යාමට ඇත්තේ කිලෝ මීටර් දෙක හමාරක් වැනි දුරක් පමණයි.

බලංගොඩ, බෙලිහුල්ඔය හා පඔහින්න ප්‍රදේශවල ජනතාව හා ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පසුගියදා මෙම මාර්ගයේ නිරික්ෂණයකට එක් වු අතර ඔවුන් පෙන්වා දෙන්නේ නීත්‍යානුකූල ලෙස මෙම මාර්ගය සංචාරකයින් සදහා විවෘත කිරීමට හැකි වන්නේ නම් එය මෙරට සංචාරක කර්මාන්තයේ දියුණුවට මහගු පිටුවහලක් වන බවයි.

මේ වන විටත් මෙම මාර්ගය දන්නා බොහෝ පිරිස් ඒ ඔස්සේ ලෝකාන්තය නැරඹීමට පැමිනෙන අතර එය නිසි ක්‍රමවේදයක් යටතේ පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය දැනුවත් කර ඇති බව සභාපතිවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න